ගාලු මුවදොර අරගල භූමියේ ඇති වූ ගැටුමකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
දෙපිරිසක් අතර අද (13) අලුයම එම ගැටුම හටගෙන ඇති බව වාර්තා වේ.
එහිදී කැපුම් තුවාල ලැබු පුද්ගලයින් සිව්දෙනෙකු ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් තිදෙනෙකු තවදුරටත් එම රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
තුවාල ලැබුවන් වයස අවුරුදු 15 ත් 20 ත් අතර කොළඹ 15 සහ වැල්ලම්පිටිය යන ප්රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.
ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.






















