ජනාධිපතිවරයා තේරීමේ අවස්ථාවේදී කිසිඳු අපේක්ෂකයෙකු සඳහා සිය ඡන්දය භාවිත නොකිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය අද (16) පැවැති සාකච්ඡාවේදී තීරණය කර තිබේ.
පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ සාකච්ඡා කර ඒකමතිකව පුද්ගලයෙකු තෝරා ගැනීම වඩාත් සුදුසු බවය.






















