Sunday, November 8, 2026
HomeNEWSඅනිවාර්යෙන් ම අපි ඡන්දය පාවිච්චි කරනවා -දයාසිරි

අනිවාර්යෙන් ම අපි ඡන්දය පාවිච්චි කරනවා -දයාසිරි

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යෙන්ම ඡන්දය භාවිත කරන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

එහෙත් පාර්ලිමේන්තුව තුළ තවදුරටත් ඡන්ද මත පදනම්ව තීරණ ගැනීම වෙනුවට එකඟතාවයෙන් තීරණයකට එළඹීම සඳහා සියලු බලපෑම් සිදුකරන බව ඔහු සඳහන් කළේය.

අද (19) පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී සහය පළකරන පාර්ශවය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බව ද දයාසිරි ජයසේකර මහතා පැවසිය.

“විශේෂයෙන් ඩලස් අලහප්පෙරුම මහත්තයා සහ සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක මැතිතුමන්ලා තුන්දෙනාම සාකච්ඡා කරලා, මේ ප්‍රශ්නය සටනකට යන්නේ නැතිව බේරගන්න පුළුවන් තැනකට මේක ගේන්න කියලා. එක්කෙනෙක් ජනාධිපති අපේක්ෂකයා වෙලා දෙවැනි කෙනා අගමැති වෙලා අනෙක් අය ඒ සම්බන්ධයෙන් එකඟතාවයකට ආවොත් මේ ප්‍රශ්නය ඡන්දයකින් තොරව බේරගන්න පුළුවන් තැනකට ගේන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් යම් එකඟතාවයකට එන්න ඕනේ කියන කාරණය. අපි කියන්නේ පාර්ලිමේන්තුව තුළ තවදුරටත් ඡන්ද පෙට්ටි තියලා කරන දේශපාලනය නවත්වන්න කියන කාරණය. එහෙම නොවෙනවා නම් අපි ඡන්දය නොදී වර්ජනය කරනවා කියන කාරණය තමා අපි කිව්වේ. ඒ හැර වෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඡන්දය නොදී ඉන්නවා කියන කාරණය නෙමෙයි. අපි ඒ සඳහා කරන්න පුළුවන් අවසාන බලපෑම අපි කරනවා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලන්නේ යම්කිසි විදියකට මේ සියලුදෙනා එක්ක සාකච්ඡා කරලා, එක තීන්දුවකට එන්න. අපි අනිවාර්යයෙන්ම ඡන්දය පාවිච්චි කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img