22 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක් වු බර ඉසිලීමේ ශූර ඉන්දික දිසානයකට ඊයේ (31) තරගයෙන් ඉවත්වීමට සිදුවිය.
2018 වසරේ ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් හිමිකරගත් ඉන්දික දිසානායක පිළිබඳව මෙවරත් විශාල පදක්කම් බලාපොරොත්තුවක් තබා තිබුණි.
පිරිමි කිලෝග්‍රෑම් 73 බර ඉසිලීමේ ඉසව්වට සහභාගී වූ ඉන්දික ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 133ක බරක් එසවීමට සමත් වුණි.
නමුත් ඉන්දික දිසානායක ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ ලැබුණු අවස්ථා තුනම අසාර්ථක කරගැනීම හේතුවෙන් ඔහුට තරගයෙන් ඉවත්වීමට සිදුවිය.






















