Sunday, November 8, 2026
HomeNEWSසිංහරාජය ගැන වන සංරක්ෂණය අභියාචනාධිකරණය හමුවේ දුන් ප්‍රතිඥාව

සිංහරාජය ගැන වන සංරක්ෂණය අභියාචනාධිකරණය හමුවේ දුන් ප්‍රතිඥාව

ලෝක උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය හෙළිකර ඒ හරහා මාර්ග ඉදිකිරීමක් හෝ ජලාශයක් ඉදිකිරීමක් සිදුනොකරන බවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබේ.

මෑතකදී සිංහරාජ රක්ෂිත වනාන්තර හෙළිකර එම කලාපය හරහා මාර්ගයක් හා ජලාශයක් ඉදිකිරීමට ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරිය මෙම ප්‍රතිඥාව ලබාදුන්නාය.

මෙම පෙත්සම අද (08) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය අධිකරණයට ප්‍රතිඥාවක් ලබාදෙමින් කියා සිටියේ සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය හරහා මංමාවත් ඉදිකිරීමක් නොකරන බවය.

ඊට අමතරව දැනට පවතින මාර්ග පුළුල් කිරීම ද නොකරන බවත් රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නාය.

එමෙන්ම ගිං ගඟ ජල යෝජනා ක්‍රමය යටතේ සංරක්ෂිත කලාපය තුළ ජලාශයක් ඉදිරි නොකරන බවටත් රජයේ නීතිඥවරිය ප්‍රතිඥාවක් ලබාදුන් බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.

ඒ අනුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් ප්‍රතිඥාව සටහන් කරගත් අභියාචනාධිකරණය පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම සැප්තැම්බර් මස 08 වනදා සිදුකිරීමට නියම කළේය.

පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය හරහා මාර්ගයක් හා විශාල ජලාශයක් ඉදිකිරීමට රජය සැලසුම් සකස් කරමින් සිටින බවය.

එවැනි ක්‍රියාවක් සිදුකළහොත් ඒ තුළින් සංරක්ෂිත වනාන්තර කලාපයට මෙන්ම ජෛව පරිසර පද්ධතියට ද විශාල හානියක් සිදුවිය හැකි බව පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

එම තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img