Monday, November 9, 2026
HomeNEWSපෞද්ගලික අංශයේ සේවිකාවන්ට වැදගත් පනතක් සංශෝධනයට

පෞද්ගලික අංශයේ සේවිකාවන්ට වැදගත් පනතක් සංශෝධනයට

සවස 6න් පසුව කාන්තාවන් රැකියාවේ නිරතවීම සඳහා වන සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අද (09) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ, විද්‍යුත්, පරිගණත හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධ ආයතන විසින් කරන ලද ඉල්ලීම අනුව එම තීරණය ගත් බවය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“වෙනත් රටවල පිහිටි ව්‍යාපාර ආයතන සඳහා ගිණුම් පරිපාලනය සහ තාක්ෂණික කටයුතු, කාර්යාල කටයුතු තොරතුරු තාක්ෂණය පදනම් කරගෙන සිදුකරන ව්‍යාපාර ආයතන රැසක් රට තුළ දැනට ක්‍රියාත්මක වෙනවා. ඒ ආයතනවල ස්වභාවය අනුව එහි සේවයේ නියුතු වන සේවක සේවිකාවන් ට වෙනත් රටවල කාලවේලාවන් අනුව කටයුතු කරන්න සිදුවෙනවා. නමුත් 54 අංක 19 දරණ සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ පනත යටතේ පස්වරු 6න් පසුව කාන්තාවන් සේවයේ නියුක්ත කිරීමට ඇති හැකියාව ඇත්තේ සීමිත රැකියා ප්‍රමාණයකට පමණයි.

ඒ නිසා කම්කරු ඇමතිතුමා ඉදිරිපත් කළා යෝජනාවක් විශේෂයෙන් තොරතුරු තාක්ෂණය පදනම් කරගෙන ලංකාවේ ක්‍රියාත්මක වන ආයතනවල ඒ ඒ රටවල්වල තියෙන වේලාවල් වෙනස් වීම අනුව අපේ රට මහ රාත්‍රියේ හෝ පහුවදා පාන්දර හෝ විවිධ අවස්ථාවලදී ඔවුන් සමග ගනුදෙනු කරන්න සිද්ධවෙනවා ඔවුන් සමග අන්තර්ජාලය හරහා විද්‍යුත් ක්‍රමවේදය තුළින්. කෝල් සෙන්ටර්ස් විශාල ප්‍රමාණයක් රට තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ වායේ විශාල කාන්තා පුහුණු ශ්‍රමිකයින් පිරිසක් සේවයේ නියුතු වෙනවා. නමුත් මේ නීතිය අනුව බොහෝ රැකියාවල සවස 6න් පසුව කාන්තාවන් සේවයේ යොදවා ගැනීම සීමා කරලා තියෙනවා. මෙවැනි අනුමත විද්‍යුත් ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වන කාන්තා ශ්‍රමය ලබාගැනීමට පහසුවීම සඳහා මෙම පනත සංශෝධනය කරලා තියෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img