විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද රක්වානේ දී කරනු ලැබූ සම්පූර්ණ කතාව.
රටක් හැටියට අපි ආර්ථික සමාජීය ඛේදවාචකය අද මුහුණදෙනවා. අද අපේ රටේ මේ නිර්මාණය වෙලා තිබෙන ආර්ථික සමාජයීය ඛේදවාචකයට හේතුව මොකක්ද? ඒකට හේතුව රටත් ජනතාවත් වැරදි පාර තෝරා ගැනීම. ජනතාවට අවස්ථාව තිබුණා 2019, 2020 නිවැරදි පාර තෝරගන්න. නමුත් නිවැරදි පාර වෙනුවට ජනතාව තෝරා ගත්තේ වැරදි පාර. තෝර ගත්ත වැරදි පාරේ පල විපාක තමයි අද අපි භුක්ති විඳින්නේ. අද රටේ තියන බරපතළ ප්‍රශ්න වලට වර්තමාන රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුව ප්රතිකර්මය හැටියට ඉදිරිපත් කරනවා සර්වපාක්ෂික ආණ්ඩුව කියලා. සර්වපාක්ෂික ආණ්ඩුවට ඇමතිවරු බදවාගැනීමේ ඉල්ලුම් පත්‍ර ප්‍රකාශයට දැන් පත් කරලා තියෙනවා. අපිට ආරංචි, දුසිම් ගණනක් රාජ්‍ය ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු පත්කිරීමේ සූදානමක් තිබෙනවා. අපිටත් කිව්වා ඇමතිකම් භාර ගන්න සර්ව පාක්ෂික ආණ්ඩුවට එන්න කියලා, එකතු වෙන්න කියලා.
කෘෂිකර්මයේ නියැලිලා ඉන්න, විවිධ බෝග වගා කරන ගොවීන්ට පෝර ටික දීගන්න බෑ, ගර්භනී මව්වරුන්ට පෝෂණීය සලාකය දීගන්න බෑ, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ණය පීඩාවෙන් අද තෙරපිලා. මිරිකිලා ඒ කර්මාන්ත කඩා වැටිලා. හතළිස් පන්ලක්ෂයක් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ජනජීවිත සම්පූර්ණයෙන් විනාශ වෙලා. පාසල් දරුවන්ට ඕන්ලයින් අධ්‍යාපන ක්‍රමය දීගන්න බැරි ආණ්ඩුවක්. පාසලකට කොම්පියුටරයක් smart board එකක් දීගන්න බැරි ආණ්ඩුවක්. බංකලොත් ආණ්ඩුවක්. ඇහුවම කියනවා සල්ලි නෑ ආණ්ඩුවට කියලා, එහෙව් සල්ලි නැහැයි කියන ආණ්ඩුවට කොහොමද මිත්‍රවරුනි සල්ලි තියෙන්නේ ඇමතිවරු නඩත්තු කරන්න, කොහොමද සල්ලි තියෙන්නෙ කැබිනට් ඇමතිවරු නඩත්තු කරන්න, රාජ්‍ය ඇමතිවරු නඩත්තු කරන්න, නියෝජ්‍ය ඇමතිවරු නඩත්තු කරන්න, ඒවට සල්ලි තියෙනවා. නමුත් අධ්‍යාපනය දියුණු කරන්න සල්ලි නෑ. මම පහුගිය දවසක දැක්කා ප්‍රවෘත්තිවලට ගිලන් වෙච්ච ලෙඩ්ඩු රෝහල් වලින් පිට වෙන්නේ හූල්ල හූල්ල. අනේ මහත්තයෝ බේත් නෑ. තුණ්ඩුව විතරයි දෙන්නේ. ෆාමසියට ගිහිල්ලා ගන්නේ කියනකොට ෆාමසියෙත් බෙහෙත් නෑ. ෆාමසියේ බෙහෙත් තිබුනත් අහස උසට බෙහෙත් මිල වැඩි වෙලා. ඒක තමයි මේ රටේ ගිලන් වෙච්ච රෝගී ජනතාවගේ හදවතේ තියෙන ලැව්ගින්න. ඒ ලැව්ගින්න නිවාලන්නට සල්ලි නෑ. හැබැයි ඇමතිකම් දෙන්න සල්ලි තියෙනවා. ඇමති වාහන සපයන්න සල්ලි තියෙනවා. ඇමති කාර්ය මණ්ඩලවලට පඩි ගෙවන්න සල්ලි තියෙනවා. පාරට තාර ටිකක් දාගන්න සල්ලි නෑ. ගෙවල් හදන්න සල්ලි නෑ. ජීවත් කරවන්නේ සල්ලි නෑ. මිනිස්සුන්ට ආහාරපාන ටික ලබා දෙන්න ක්‍රමවේදයක් නෑ. බලන්න මේ අලුත්ම දේශපාලන විජ්ජාව. ජනතාවට පෙන්නන්න හදනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් තුළින් ඔක්කොම විසඳෙනවා යි කියලා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි අපේ රටට අවශ්‍ය සර්වපාක්ෂික වැඩපිළිවෙළක්. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නට සමගි ජනබලවේගයේ සමගි ජන සන්ධානයේ අපිට ඇමතිකම් අවශ්‍ය නැහැ. දැන් හර්ෂ ද සිල්වා මැතිතුමා වගේ හොඳ විචක්ෂණශීලී ආර්ථික විද්‍යාඥයෙක්. අන්න මුදල් කමිටුවේ සභාපති ධුරයට මාස ගණනාවක් තිස්සේ අවුරුදු ගණනාවක් තිස්සේ යෝජනා කරන්නේ. දැන් අපිට ආරංචියි එතුමට ඒක ලැබෙනවයි කියලා. ඒ මුදල් කමිටුවේ සභාපති ධුරය ගත්තයි කියලා, අම්මලාගේ තාත්තලාගේ දූදරුවන්ගේ දෙමව්පියන්ගෙන් තරුණ තරුණියන්ගෙ කරපිට බදු බරක් වැටෙන්නෙ නැහැ. මිත්‍රවරුනි අන්න ඒක තමයි සමගි ජනබලවේගයේ සමගි ජන සන්ධානයේ ලබාදෙන ආරක්ෂාව. රට ගොඩ එන්නට වැඩ කරන්න ඒ එකමුතුභාවය නිර්මාණය කරන්න අපට ඇමති අං තට්ටුව අවශ්‍ය නැහැ. අපට පුළුවන් විපක්ෂයේ ඉඳගෙන පාර්ලිමේන්තුවේ අලුතෙන් බලතල ලැබුණු කමිටු ක්‍රමවේදයක් හරහා අපට පුළුවන් මේ රට ගොඩ එන මාර්ගයට අපේ ශක්තිය එකතු කරන්න. මොනම ආකාරයකින්වත් ඇමැතිකම් අරගෙන රාජපක්ෂ පවුල සුරකින ආණ්ඩුවකට අපි සම්බන්ධ වෙන්නේ නැතැයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි.
මුළු රටම ඉල්ලන්නේ දූෂණය තුරන් කරන යුගයක් මුළු රටම ඉල්ලන්නේ හොරාකාපු සල්ලි ටික හොයා ගන්න යුගයක් මුළු රටම කියන්නේ හොරාකාපු හොරුන්ගෙන් සල්ලි ටික අරගෙන අපේ රටට නැවතත් ඒ සල්ලි වලින් සංවර්ධනයක් උදා කරන යුගයක් හොරාකාපු සල්ලි ටික හොයාගන්න පුළුවන්ද කැබිනට් ඇමැතිකම් අරගෙන අර මුළු රටම ඉල්ලන system change එක ක්‍රමවේදයේ වෙනස ක්‍රියාත්මක කරන්න පුලුවන්ද ඇමති කාක්කො වෙලා, ඇමති කපුටෝ වෙලා බෑ මිත්‍රවරුනි අපිට ඇමතිකම් ගන්න පුළුවන් ජනතාවගේ ජනවරමින් ජනතාවගේ ඡන්දයෙන් ජනතාවගේ ආශිර්වාදයෙන් අන්න එහෙනම් අපි ආණ්ඩුවට කියනවා මැතිවරණයක් තියන්න මොකද අපිට ලොකු විශ්වාසයක් තියෙනවා සමගි ජන බලවේගය යි සමගි ජන සන්ධානයයි ජයග්‍රහණය කරන්නට මේ රටේ පොදු මහජනතාව සූදානමින් සිටිනවා. අන්න ඒ බලයත් එක්ක අපිත් සූදානම් අපේම පිරිසිදු කැබිනට්ටුවක් සකස් කරන්න මොකද අපිට දැන් දැන් ආරංචි රාජපක්ෂ සෙවණැලි ආන්ඩුවේ රාජපක්ෂ සෙවණැලි නෙමෙයි රාජපක්ෂලාගේ ගැත්තෝ ටිකත් එනවලු දැන් කැබිනට් එකට වස්ත්‍රයක් ඇඳගෙන ඒ ඇත්තොත් එක්ක අපට පුළුවන්ද ඒ කැබිනට් එකේ වාඩි වෙන්න. ආත්ම ගරුත්වයක් තිබෙන ආත්ම ශක්තියක් තිබෙන ආත්ම අභිමානයක් තිබෙන තමන්ගේ අම්මට තාත්තට ගරු කරන කිසිම පුද්ගලයෙකුට බෑ ඒ වගේ ප්රතිලාභ පසුපස ගෙන යන ඇමති තනතුරු වලට තිබෙන ඒ අසීමිත කෑදරකම ඒ අසීමිත ආසාව තුළ අපිට හැකියාවක් නෑ රටේ ලක්ෂ 220 බිල්ලට දීලා රටේ ලක්ෂ 220 කරපිට බදු පටවලා, ඇමති රප්රසාද ලබා ගන්නට අපිට හැකියාවකුත් නෑ. අපි සූදානමකුත් නෑ. මේ රට ගොඩගන්න පුළුවන්. මේ රට ගොඩනගන්න පුළුවන්. අපි අතිශයින්ම සුබවාදීව හිතනවා මේ රට ගොඩගන්න පුළුවන් ඒ ශක්තිය අපිට තිබෙනවා ඒ කුසලතාවය දක්ෂතාවය අපට තිබෙනවා ඒක පුද්ගලයෙකු සතු දක්ෂතාවයක් නෙමෙයි අපේ සමගි ජනබලවේගයේ කණ්ඩායම කණ්ඩායම් හැඟීමෙන් කණ්ඩායමක් හැටියට රට ගොඩ ගන්නට අපට හැකියාවක් තිබෙනවා අපට අවශ්‍ය ජනවරම අපට අවශ්‍ය ශක්තිය අපට අවශ්‍ය අවවාදයයි ආශිර්වාදය මගෙන් සමහරෙක් අහනව අගමැති වෙන්න තිබුන නේද ජනාධිපති වෙන්න තිබුන නේද ඔව් මට ඒ අවස්ථාව ලැබුණා මමත් අර දශක ගණනාවක් මුළුල්ලේ ආපු දේශපාලන ගමන අමතක කරලා මමත් රාජපක්ෂ සරණං ගච්ඡාමි කිව්වා නම් මටත් ඔය තනතුරු ගන්න තිබුණා. නමුත් හොඳට මතක තියාගන්න රණසිංහ ප්‍රේමදාස ජාන වල රටත් ජනතාවත් මේ රටේ සියලුම ජාතීන් සියළුම ආගම් පාවා දෙන ජාන අපේ ශරීරයේ රුධිරයේ නැහැයි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි.
ඒ නිසාම මීට වැඩිය දීර්ඝව මම කතා කරන්න යන්නෑ. මම කාරුණික ඉල්ලීමක් කරනවා බංකොලොත් රටක බංකොලොත් ආණ්ඩුව බංකොලොත් ඇමති මණ්ඩලයක සාමාජිකයින් වෙන්නයි කියලා අපිට ආරාධනා කරන්න එපා. ඒ මොකද සංවර්ධනය පැත්තෙන් රටත් ආණ්ඩුවත් බංකොලොත් මක නගරයක කිසිම අවශ්‍යතාවයක් සම්පූර්ණ කරන්නට සල්ලි නොමැති වෙලාවක් එවන් අවස්ථාවක අපිත් සූදානම් නැහැ රටේ ජනතාවගේ බදු මුදලින් ඇමති සුර සැප විඳින්න. අපි සූදානම් කැපකිරීම් කරලා, අපි සුදානම් දුෂ්කරක් ක්‍රියා කරලා, ගොඩනගන වැඩසටහන සර්වපාක්ෂික වැඩපිළිවෙළ ජාති ආගම් කුල මල පක්ෂ භේදයෙන් තොරව ඒ සහයෝගය දක්වන්න අපි ඒ දෙස බලන්නේ සුබවාදීව. ඒ මොකද මේ රට විනාශ වෙන්න දෙන්න බැහැ මේ රට ආරක්ෂා කරන්නට ඕනේ අපට පමණක් නොවෙයි දරු පරපුරට අනාගත පරපුරට බිහිවෙන්න ඉන්න අනාගත පරම්පරාවට ශක්ති සම්පන්න දේශයක් අපි දායාද කරන්නට ඕනේ එම නිසා මතක තියාගන්න අපි දැන් තෝරාගෙන තිබෙන්නේ වැරදි මාවත නෙමෙයි නිවැරදි මාවත, මේ ජය මාවතේ අපි කතා කරන්නේ දේශපාලනඥයාගේ ජයග්‍රහණ නෙමෙයි අපි කතා කරන්නේ ලක්ෂ 220 කගේ ජය මාවත. දැන් වැරදි මාවතේ ගියා ඇති. වැරදි මාවතේ යන මේ ආණ්ඩුවේ ර්ව පාක්ෂික කැබිනට්ටුව අපි ප්‍රතික්ෂේප කරනවා හැබැයි ආණ්ඩුව සූදානම් නම් හරි මාවතේ යන්න ගමනකට අපි සූදානම් විපක්ෂයේ ඉඳගෙන රටට බරක් නොවී ජනතාවගේ කරපිට හිස පිට බදු බර පටවන්නේ නැතිව විපක්ෂයේ ඉඳගෙන පාර්ලිමේන්තුව හරහා රට ගොඩනඟන්න අවශ්‍ය සියලුම ශක්තිය අපි ලබා දෙන්නට සූදානම් කියලා කියන සුබවාදී කාරණය ඔබතුමන්ලාට කියනවා.
මිත්‍රවරුනි අගමැතිකම නෙමෙයි ජනාධිපතිකම නෙමෙයි සක්විති රජකම දෙනවයි කිව්වත් පි අපේ ප්‍රතිපත්ති පාවා දෙන්නේ නෑ නෑ නෑමයි. පළමුවත් ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැහැ, දෙවනුවත් ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැහැ තුන්වෙනුවත් ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැහැ. ඒ වගේම රාජපක්ෂ පවුල් පරපුරේ කුණු අදින කුණු ලොරි බවට අපි පත් වන්නේ නැතෙයි කියලා මේ අවස්ථාවේ බොහොම පැහැදිලිව කියනවා එහෙනම් එසේ ප්‍රකාශ කරමින් අපේ බිම් මට්ටමේ ලොකු වැඩ කොටසක් කරන අපේ ආරියවංශ මැතිතුමාට පුංචි අභියෝගයකුත් ලබා දෙනවා. ටිකක් අමාරු දෙයක් පුළුවන්නම් රක්වාන කොට්ටාශයේ කුඩා ගම් පන්සිය විස්සටම යන්න. දැන් ඔබව ඉතාමත් ශක්තිමත් විදිහට ශාඛා එකසිය නවයක් හදලා තියෙනවා ඒක ගෙනියන්න කුඩා ගම්මාන මට්ටමින් හැම ගමකම හදන්න එකමුතුවක් ජාති ආගම් කුල මල පන්ති බේද පක්ෂ භේදයෙන් තොර එකමුතුවක් ඒකමුතු තුළ අපි අපේ දේශපාලන බලවේග ගොඩනඟමු කරුණාකරලා සමගි ජනබලවේගයේ අපි ආදර්ශයක් දෙන්නට ඕන රටේ තරුණ පරම්පරාවට ගතානුගතික දේශපාලනය තුළ මොකක්ද තියෙන්නේ තරුණයෙක් තරුණියක් නැගී එනකොට හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඒ අයව යටපත් කරන්න ඒ නැගී එන එකට අතහිත දෙනවා වෙනුවට ඒක කොහොමහරි වලක්වන්න නමුත් මම හිතන්නේ ආරියවංශ මැතිතුමාට නායකත්වය දෙන්න පුළුවන් රක්වාන මැතිවරණ කොට්ඨාශය හැම තරුණයකුට තරුණියකටම මේ සමගි ජනබලවේගයේ, සමගි ජන සන්ධානයේ මේ දොරටු විවෘත කරලා හැමෝටම වගකීමක් තියෙනවා හැමෝටම පනක් තියෙනවා ඒ තරුණ පරපුරට දෙමු අපි වේදිකාවක් තරුණ පරපුරට වගකීම බාර දෙමු ඒ තරුණ පරපුර දක්ෂයි අපිට වැඩිය ඒ තරුණ පරපුර කාර්යශූරයි කාර්යක්ෂමයි අපි කළ යුත්තේ මුළු රටේම තරුණ ජවය එක පොදියට ඒකරාශී කරගෙන රට ගොඩනැගීමේ බලය බවට බලවේගය බවට ඒ තරුණ සවිය පත්කර ගැනීමයි අපි ඒ ආදර්ශය රක්වාන මැතිවරණ කොට්ඨාසයෙන් රටටම ලබාදෙමු ඓතිහාසික මැතිවරණ කොට්ඨාසයක් අපිට කවදත් කොතැනත් ශක්තිය ලබා දුන්න කොට්ඨාසයක් සිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රතිපත්ති තුළ පෝෂණය ලබපු හයිය ලබපු කොට්ඨාසයක් මගේ පණිවිඩය මේ කොට්ඨාශයේ ජනතාවට රටේ ජනතාව අපිත් එක්ක එකතු වෙන්න ඔබලා සූදානම් විනය ගරුක යුක්ති ගරුක ප්‍රතිපත්තිගරුක දේශපාලන ගමනකට නම් සමගි ජන බලවේගය යි සමගි ජන සන්ධානයයි ඔබේ තැන මුත් ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඇමැති තනතුරු වරදාන වරප්‍රසාද අරගෙන පහුගිය කාලේ රටේ ජනතාව අන්දවලා රටේ ජනතාව රවට්ටලා රටේ ජනතාව මංමුලා කරලා ලක්ෂ 220 ආර්ථිකය සමාජය වලපල්ලට යවන්නටත්, දේශපාලනඥයෝ උස් අසුන්වල වැජඹෙන්නටත් සමගි ජන බලවේගය නෙමෙයි ඔබගේ තැන. අන්න එහෙම කරන්න ඕන්නං හැමෝටම පුළුවන් තොග පිටින් ගිහිල්ලා රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුවට එකතු වෙන්න නමුත් අපි තරයේ විශ්වාස කරනවා රටේ ජනතාව තීන්දුවක් අරන් තියෙන්නේ, ගිය වැරදි ගමන වෙනස් කරලා නිවැරදි ජය මාවතකට අපි ප්‍රවේශ වෙනවයි කියන කාරණය. ආදරණීය ජනතාවනි රටේත් ඔබේත් ජය මාවත සමගි ජය මාවතයි.
සියලුදෙනාටම ජය වේවා කියා ප්‍රාර්ථනා කරනවා.






















