පිටකොටුවේ භාණ්ඩ තොග මිලෙහි සහන පිටපළාත්වල ජනතාවට නොලැබීම පිළිබඳව විමර්ශනයක් ඉල්ලා සිවිල් සංවිධාන කිහිපයක් අද පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ අද දෙරණ මේ පිළිබඳව ඊයේ කළ අනාවරණයෙන් පසුවය.
පිටකොටුව හා නාරාහෙන්පිට තොග වෙළෙඳසැල්වල අල, ලොකු ලූනු, රතු ලූනු, පරිප්පු සහ එළවළු යනාදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගෙවුණු මාස කිහිපයට සාපේක්ෂව මේ වන තරමක් පහළ ගොස් ඇති අයුරු අද දෙරණ ඊයේ වාර්තා කළේය.
කෙසේ වෙතත් එම භාණ්ඩ මිල අඩුවීමේ වාසිය පිට පළාත්වල පාරිභෝගිකයන්ට ලැබී නොමැති බව අප කළ සොයාබැලීමේදී නිරීක්ෂණය වුණි.
අද දෙරණ මේ පිළිබඳ වාර්තා කිරීමෙන් පසු ආපනශාලා හිමියන්ගේ සංගමය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක්ම ඒ පිළිබඳ සොයාබලන ලෙස ඉල්ලමින් අද පාරිභෝගික අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මේ අතර පොළොන්නරුව රත්මලේ හා රොටවැව ප්‍රදේශවල යල කන්නයේ වී අස්වැන්නට නිසි මිලක් නෙලැබෙන බවට ගොවිජනතාව නගන මැසිවිලි අප ඊයේ වාර්තාකළ අතර කෘෂිකර්ම අමාත්‍ය අමාත්‍ය මහින්ද අරවීර මහතා අද පැවසුවේ ගොවීන්ට සාධාරණය ඉටුකිරීමට රජය පියවර ගන්නා බවය.






















