ජාත්‍යන්තර කුමන්ත්රණවලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රැකගැනීම රටේ පොදු ජනතාවගේ වගකීමක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයින්ගේ ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ලෙස තේරී පත්වීම ජාත්‍යන්තර කුමන්ත්රණකරුවන්ගේ විශාල පරාජයක් බවයි.
රටට එරෙහි බලවේග ඈත අතීතයේ සිටම විවිධ ස්වරූප වලින් මතු වූ අතර මෑත රාජ්‍ය විරෝධී අරගලය තුලින් පෙන්නුම් කළේද ජාත්‍යන්තර කුමන්ත්‍රණ තවදුරටත් ක්‍රියාත්මක වන බවයි. මීට පෙර රාජ්‍ය නායකින් කිහිප දෙනෙකුම ඝාතනය කර ඇති බවත් එම සිදුවීම් ද යම් යම් කුමන්ත්‍රණවල ප්‍රතිඵල බවත් වජිර අබේවර්ධන මහතා විසින් පෙන්වා දෙයි. මෙම අර්බුදකාරී අවස්ථාවේදී රට ගොඩනැගීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කරන බැවින් ඒ මහතා රැකගැනීමේ වගකීම හැමවිටම මේ රටේ පොදු මහජනතාව සතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.






















