Wednesday, September 23, 2026
HomeNEWSLatest Newsවතු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ධනාත්මකව සිතා ඉදිරි සති කිහිපය තුළ යෝජනා...

වතු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ධනාත්මකව සිතා ඉදිරි සති කිහිපය තුළ යෝජනා ඉදිරිපත් කරන්න……

වතු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ධනාත්මකව සිතා ඉදිරි සති කිහිපය තුළ යෝජනා ඉදිරිපත් කරන්න……

වතු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ධනාත්මකව සිතා ඉදිරි සති කිහිපය තුළ යෝජනා ඉදිරිපත් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වතු සමාගම් හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

වතු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ තිබීම ඉදිරි අයවැය යෝජනාවලිය සැකසීමේදි පහසුවක් වන බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. 

වතු සේවකයෙකුගේ මූලික වැටුප වන රුපියල් 750ට අමතරව මිල කොටස් අතිරේක දීමනාව(price share supplement),නිෂ්පාදන දීමනාව(productivity incentive) සහ පැමිණිමේ දීමනාව(attendance incentive)  යන දීමනාද ඇතුලුව වතු සේවකයෙකුගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ලංකා කම්කරු කොංග්‍රසය  කළ ඉල්ලීමට අනුව වතු සමාගම් හිමිකරුවන් සමඟ අද (2020.06.25) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදි අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම ඉදිරිපත් කළේය. 

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන ගෝලීය ආර්ථික අර්බුදය නිසා වතු සමාගම් හිමිකරුවන් මුහුණ දී තිබෙන ගැටළු පිළිබඳවද මේ මොහොතේ අවධානය යොමු කරන ලෙස මෙහිදී ලංකා සේව්‍ය සංගමය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, සී.බී.රත්නායක,අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් ,ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති සෙන්දිල් තොණ්ඩමන්, මහ ලේකම් ජීවන් තොණ්ඩමන් ඇතුළු ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයින්, වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ, ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී.ජී.කුමාරසිරි, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කුමාර මහතා, වතු සමාගම් හිමිකරුවන් ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(23) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරින් පිටත්ව ගියා. ඒ...

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...

ඇසුරුම් නොකළ පොල් තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර

දේශීය වෙළෙඳපොළේ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ අනුකාරක සභාව හමුවේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img