Sunday, November 8, 2026
HomeNEWSනලගම සිංහල විද්‍යාලයේ දරුවන්ට ආණ්ඩුකාරතුමාගේ මැදිහත් වීමෙන් නව ගොඩනැගිල්ලක්.

නලගම සිංහල විද්‍යාලයේ දරුවන්ට ආණ්ඩුකාරතුමාගේ මැදිහත් වීමෙන් නව ගොඩනැගිල්ලක්.

නලගම සිංහල විද්‍යාලයේ දරුවන්ට ආණ්ඩුකාරතුමාගේ මැදිහත් වීමෙන් නව ගොඩනැගිල්ලක්

පසුගිය කොරෝනා ව්‍යාවසනයෙන් අනතුරුව දකුණු පළාතේ පාසල් නැවත හැකි ඉක්මනින් ආරම්භකර ගැනීමට දකුණු පළාත් ගරු ආණ්ඩුකාරතුමන් යුහුසුළුව කටයුතු කලත් ගැටළුවක් වූයේ ඒ වන විට ගුරු උද්ඝෝෂණයක් පැවතීමය. එහෙත් කෙසේ හෝ පාසල් පැවැත්වීමට ඇති අවශ්‍යතාවය ඒ ඒ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු ඇතුළු අධ්‍යාපන බලධාරීන් සමග සාකච්ඡා කර කඩිනමින් පාසල් ආරම්භ කිරීමට කටයුතු සම්පාදනය කරන ලද අතර දීර්ඝ කාලයක් පාසල් නොපැවැත්වීම නිසා පාසල් භූමි වල් බිහිවී තිබූ බැවින් ඒවා පිරිසිදු කිරීම පලාත් පාලන ආයතන, පාසල් සංවර්ධන සමිති, විද්‍යාලවල විදුහල්පතිවරුන් ගුරුබවතුන් හා අනධ්‍යන කාර්යය මණ්ඩල සහභාගිත්වයෙන් සිදු කරන ලදී. එම කටයුතු සියැසින්ම දැක බලා ගැනීම සඳහා ගරු ආණ්ඩුකාරතුමන් දකුණූ පළාතේ පාසල් නිරීක්ෂණය සඳහාද සහභාගී විය.

එම කටයුත්තෙන් අනතුරුව පාසල් ආරම්භ කල මුල් දිනයේ දකුණූ පළාතේ පාසල්වල තත්වය හා සිසුන්ගේ පාසල්වලට පැමිණීම නිරීක්ෂණය කිරීමට දකුණු පළාත් ගරු ආණ්ඩුකාරතුමන්ට අවශ්‍ය වූ අතර ඒ සඳහා විවිධ ක්‍රම මගින් තොරතුරු ලබා ගන්නා ලදී. මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාල වශයෙන් ලමුන් සහභාගී වූ පාසල්වල තොරතුරු ලබා ගැනීමට දකුණු පළාත් ආණ්ඩුකාරතුමන්ගේ මාධ්‍ය ඒකකයට පැවරිණි.

තංගල්ල කලාපයේ දුෂ්කර පාසලක් වන නලගම සිංහල විද්‍යාලයටද සැලකිය යුතු ළමුන් පිරිසක් හා විදුහල්පතිතුමිය ඇතුළු ගුරුවරුන් විශාල පිරිසක් පැමිණ සිටින බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් දන්වා තිබූ බැවින් එම පාසලටද තොරතුරු ලබා ගැනීමට ගිය අතරතුර ගන්නා ලද කුඩා පොල්අතු මඩු කැබැල්ලක 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පන්තිය පවත්වාගෙන යන අයුරු දැක්වෙන ඡායාරූප ඇස ගැටුනු ගරු ආණ්ඩුකාරතුමන් වහා මැදිහත්වී එම පාසලට පැමිණ එම තත්වය සියැසින් දැක බලාගෙන ඉතා කඩිනමින් දරුවන්ට අධ්‍යාපන කටයුතු සිදු කිරීමට හැකි වන පරිදි තාවකාලිකව අධ්‍යාපන කටයුතු සිදු කරන ලද පංති කාමර වෙනුවට පහසුකම් සහිත පන්ති කාමර 03කින් යුතු ගොඩනැගිල්ලක් මාස 02ක් වැනි කෙටි කාලයක් තුල ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදී. දකුණු පළාත් ගරු ආණ්ඩුකාරතුමන්ගේ ප්‍රධානත්වයෙන් එම ගොඩනැගිල්ල 2022-08-10 වන දින සිසු අයිතියට පැවරීම සිදු කෙරුණි.

මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් සභාවේ ගරු සභාපති සෝමවංශ කෝදාගොඩ මැතිතුමා, දකුණූ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලේකම් රංජිත් යාපා මහතා සහ තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්, මෙම කටයුත්ත කඩිනමින් නම කිරීමට විශාල වෙහෙස මහන්සියක් දැරූ දකුණූ පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ තාක්ෂණික නිලධාරීතුමන්, තංගල්ල කලාපයේ නියෝජ්‍ය සහ සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, විද්‍යාලයේ දූ දරුවන්ගේ දෙමාපියන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

තංගල්ල කලාපයේ අඩු පහසුකම් සහිත පාසලක් වන නලගම සිංහල විද්‍යාලය අධ්‍යාපනය අතින් සුවිශේෂී දස්කම් දක්වන බැවින් ආණ්ඩුකාරතුමන් විසින් ඉදිරියේදී පාසල් තූර්ය වාදන කණ්ඩායමට අවශ්‍ය මෙවලම් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදනද ලබා දෙන බව මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img