Sunday, November 8, 2026
HomeNEWSඉන්දීය කාන්තාවන් ගැන ඓතිහාසික තීන්දුවක්

ඉන්දීය කාන්තාවන් ගැන ඓතිහාසික තීන්දුවක්

ඉන්දියාව තුළ කාන්තාවන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගත් බව එරට කාන්තා ක්‍රියාකාරිනියන් පවසයි.

ඒ, අවිවාහක කාන්තාවන්ට පළමු සති 24 තුළ ගබ්සා සිදු කරගැනීමට ඇති අයිතිය තහවුරු කරමින් ඉන්දීය උපරිමාධිකරණය තීන්දුවක් ලබාදීම හේතුවෙනි.

අවිවාහක කාන්තාවන්ට ගබ්සා අයිතිය ලබාදෙන ලෙස ඉල්ලා ඉන්දීය අධිකරණය හමුවේ මීට කලකට පෙර පෙත්සමක් ගොනු කෙරුණි.

එම පෙත්සම ගොනුකර තිබුණේ සිය අවිවාහක සහකරුවාගෙන් ගැබ් ගත් කාන්තාවක් තමන්ට ගබ්සා අයිතිය ලබාදෙන්නැයි ඉල්ලා සිටිමිනි.

ඒ අනුව දරුගැබට සති 24කට වඩා අඩු අවිවාහක කාන්තාවන්ට ගබ්සා සිදු කරගැනීමට ඇති අයිතිය තහවුරු කරමින් ඉන්දීය උපරිමාධිකරණය තීන්දුවක් ලබාදී තිබුණි.

තම සිරුර පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය කාන්තාවන් සතුවිය යුතු බව තීන්දුව ලබාදෙමින් අධිකරණය අවධාරණය කර තිබුණි.

එමෙන්ම ඊට තෙවැනි පාර්ශ්වයක බලපෑම එල්ල නොවිය යුතු බවද අධිකරණය සඳහන් කර ඇත.

එමෙන්ම විවාහය තුළදී සැමියාගේ ලිංගික අඩත්තේට්ටම්වලට ලක්වන කාන්තාවන්ට විවාහක දූෂණය යන පදනම යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවස්ථාවත් කාන්තාවට ඇති බව මෙහිදී අධිකරණය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

ඉන්දියාව තුළ ගබ්සා අයිතිය මෙතෙක් හිමිව තිබුණේ ඉන්දීය විවාහක, දික්කසාද, වැන්ඳඹු කාන්තාවන්ට, බාලවයස්කාර දැරියන්ට, මානසික ආබාධ සහිත කාන්තාවන්ට මෙන්ම දූෂණයට ලක්වූ කාන්තාවන්ට පමණි.

ඒ 1971 වසරේදී ගැබ් ගැනීම් නීත්‍යානුකූලව අවසන් කිරීමේ පනත යටතේය.

මේ අනුව අවිවාහක කාන්තාවන්ට ද එම අයිතිය හිමිවීම ඉන්දීය කාන්තාවන් ලැබූ අති විශිෂ්ට ජයග්‍රහණයක් බව කාන්තා ක්‍රියාකාරිනියන්ගේ මතයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img