Sunday, November 8, 2026
HomeNEWSමම ජනාධිපති වුණ හැටි රහසක් නෙමෙයි -ජනපති

මම ජනාධිපති වුණ හැටි රහසක් නෙමෙයි -ජනපති

ජනාධිපති ධූරයට පත්වී සඳහා තමන්ට ආණ්ඩු පක්ෂයේ සහයෝගය සේම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද සහාය හිමිවීම රහසක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පටු දේශපාලන පක්ෂ භේදයකින් තොරව ජනතාවාදීව ක්‍රියා කිරීමට තමන් අපේක්ෂා කරන පසුබිමක විපක්ෂය තවදුරටත් පාර්ලිමේන්තු ජාතික සභාව සහ අධීක්ෂණ කමිටු වෙත ඔවුන්ගේ මැදිහත්වීම සිදුකළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

වෘත්තීයවේදීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

“පාර්ලිමේන්තුව ඇතුළේ පක්ෂ ක්‍රමයෙන් එක එක කණ්ඩායම් බිහිවෙලා තියෙනවා. මම ජනාධිපති වුණේ විශේෂයෙන්ම ඒක රහසක් නෙමෙයි. මට ආණ්ඩු පක්ෂයේ සහයෝගය ලැබුණා. සුළුතරයක් වෙනත් අපේක්ෂකයන්ට ඡන්දේ දෙන්න ගියා. මට ආණ්ඩු පක්ෂයේ සහයෝගය ලැබුණා. ඒ වගේම මට විපක්ෂයේ මන්ත්‍රීවරුත් ඡන්දේ දුන්නා. සජබයේත් ද්‍රවිඩ පක්ෂවලත් මන්ත්‍රීවරු මට ඡන්දේ දුන්නා. ඒ නිසා දෙපැත්තෙන්ම ඒ ඡන්දේ ලැබුණා. මමත් බලන්නේ අපේ මේ පටු පක්ෂ භේදයෙන් තොරව ජනතාවට උවමනා කරුණු මොකද්ද කියලා පෙන්නලා දෙන්න. ඒ අනුව ක්‍රියා කරන්න. දැනට පාර්ලිමේන්තුවේ ජාතික සභාවක් ඇති කළා පක්ෂයේ ඉල්ලීම අනුව. අනෙක් සභාත් පාර්ලිමේන්තුවේ ඇති කරලා තියෙනවා. අධීක්ෂණ කොමිසම් ඒත් තාම මේවා පුරවන්න බැරිවෙලා තියෙනවා. සමහරු ජාතික සභාවට එනවා. අනෙක් අය එන්නේ නෑ. රට බලාපොරොත්තු වෙන්නේ සියලුදෙනා එකතුවෙලා වැඩ කරයි කියලා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img