Monday, November 9, 2026
HomeNEWSකිරිපිටි තොගය ගැන ගැනීමට යන තීරණය

කිරිපිටි තොගය ගැන ගැනීමට යන තීරණය

රට තුළ කිරිපිටි හිඟයක් නිර්මාණය කිරීම සඳහා රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීන් කුමන්ත්‍රණයක් සිදුකරමින් සිටින බව කිරිපිටි ආනයනකරුවෙක් චෝදනා කරයි. 

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ආචාර්ය ලක්ෂ්මන් වීරසූරීය මහතා පවසන්නේ පසුගිය ජූලි මාසයේදී ආනයනය කළ කිරිපිටි කිලෝග්‍රෑම් ලක්ෂ 04ක තොගයක් මෙලෙස සත්ත්ව ආහාර බවට පත් කිරීමේ සූදානමක් පවතින බවය.

“කිරිපිටි කිලෝ ලක්ෂ 4ක් වරායේ සිරවෙලා. දරුවන් ලක්ෂ 16කට ලබාදෙන කිරි. ජූලි මාසයේ සිට වරායේ සිරවෙලා දැන් නරක්වෙලා. දැන් කිරිපිටි කුකුල් කෑම සඳහා වෙන්දේසි කරන්න යන්නේ. ජූලි මාසයේ ගෙන්වනු ලැබූ කිරි දැන් නරක් වෙලා. අව් රශ්මිය නොමැති ස්ථානයක ගබඩා කළ යුතුයි. රේගුවෙන් කියනවා එහෙම පහසුකම් එයාලට නැහැලු.”

“වරායට නැව ආවේ ඔක්තෝම්බර් 20. අපි මේක අනුමැතිය සඳහා ඉල්ලලා තියෙන්නේ ඔක්තෝම්බර් 5 වනදා. ඔක්තෝම්බර් 5 වනදා කර්මාන්ත අමාත්‍යංශයට යොමු කළ ලිපිය 19 වනදා යොමු කරලා තියෙනවා ආනයන පාලකවරියට. උපුල්මලී ප්‍රේමතිලක කියන මහත්මියට. එතුමිය මේක තියාගෙන හිටියා දවස් 35ක්.. එතුමියගේ කාර්යාලයේ. නොවැම්බර් මාසේ 15 වනදා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට යවනවා ලිපියක් මේක ‘favourably considered’ කියලා.” 

“මේකේ ඉංග්‍රීසි තේරෙන්නේ නෑලු රේගු නිලධාරීන්ට. දෙන්න කියලත් නෑ නොදෙන්න කියලත් නෑලූ. එහෙනම් අපි කිව්වා.. මේක රටට අවශ්‍ය නැතිනම් මේක ප්‍රති නැව්ගත කරන්න. ඉන්දුනීසියාව, වියට්නාමය ඉල්ලා තියෙනවා මේ කිරි ටික. ඒක දෙන්නෙත් නෑ. මේ අයට ඕනේ මේක මෙතන තියලා නරක්වෙනවා කියලා ඊට පස්සේ ජාවාරම් කරුවන්ට විකුනලා දඩ මුදලින් කොටසක් ගන්න. නැතිනම් පගාව ගන්න.”

“මගේ ආයතනයේ 512ක් වැඩ කරනවා. මම ආයතනය වසා දමනවා. මට මිලියන 600ක් ලක්ෂ 6,000ක පාඩුවක් තියෙනවා. රටේ දේශීය ව්‍යාපාර වහන්නේ. බදු ගෙවනවා.”

“මම වහනවා මේ අයතනය. ජනවාරි මාසේ මේ 512ටම මම කියනවා මේකට සම්බන්ධ වෙච්ච රාජ්‍ය නිලධාරීන්ගෙන් රස්සාවල් ඉල්ල ගන්න කියලා…”

මේ අතර මතභේදයට තුඩුදී ඇති රේගුවේ පවතින කිරිපිටි තොගය නිදහස් කරගැනීම සඳහා අවසර ලබාදීමට තමන්ට කිසිදු හැකියාවක් නොමැති බව ආනයන අපනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය පැවසුවාය. 

ඇය පෙන්වාදෙන්නේ කිරිපිටි ගෙන්වීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයෙන් අනුමැතිය හිමිවූ බලපත්‍රය යටතේ අදාළ ආනයනකරු විසින් ගෙන්වා ඇත්තේ කිරිපිටි නිෂ්පාදනය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය බවය.

මෙරටට ආනයනය කිරීමෙන් පසුව එම තොග නිදහස් කරගැනීම සඳහා ආනයනකරු විසින් අනුමැතිය අපේක්ෂා කළද නීතියට පටහැනි ආකාරයෙන් ආනයනය කළ එම තොග නිදහස් කිරීමේ හැකියාවක් නොමැති බවට තමන් දැනුම්දුන් බව ආනයන අපනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය ප්‍රකාශ කළාය. 

ඒ අනුව රේගුව විසින් පනවනු ලබන දඩ මුදලකට යටත්ව ඒවා නිදහස් කර ගැනීමේ හැකියාව පවතින බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img