Sunday, November 8, 2026
HomeNEWSනාලක ගොඩහේවා ට එරෙහි නඩුවේ තීන්දුවට දින නියම කෙරේ

නාලක ගොඩහේවා ට එරෙහි නඩුවේ තීන්දුවට දින නියම කෙරේ

රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ලවී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව ජනවාරි 26 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නියම කළේය.

ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවට අයත් රුපියල් ලක්ෂ පනහක මුදලක් “තාරුණ්‍යට හෙටක්”  සංවිධානයට ලබාදීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ලවිය.

එම නඩුව  මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ විභාගයට ගැනුණි.

අදාළ නඩුව අද (05) කැඳවූ අවස්ථාවේදී නඩුව අවසන් කරන බව පැමිණිල්ල දන්වා සිටියේය.

පැමිණිල්ලේ නඩුව අවසන් කරන්නේ නම් විත්තිවාචකය නොකැඳවාම විත්තිකරුවන් නිදහස් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

පැමිණිල්ල මෙතෙක් කැඳවූ සාක්ෂි අනුව පැමිණිල්ලේ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ලට හැකියාවක් ලැබී නොමැති බැවින් විත්තිකරුවන් මුදාහරින ලෙස එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. 

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා, එම  කොමිසමේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ධම්මික පෙරේරා, හා තාරුණ්‍ය හෙටක් සංවිධානයේ ක්‍රිඩා අධ්‍යක්ෂ ජොනී ඉබ්‍රහිම් යන අය නම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img