හංවැල්ල පොලිස් වසමේ හරස්පාර ප්‍රදේශයේදී ඊයේ (18) රාත්‍රියේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරන අයුරු වෙළෙඳසැලක සවිකර තිබු CCTV කැමරාවක සටහන්ව තිබුණි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ආපනශාලාවක හිමිකරුවෙකු බවය.
හංවැල්ල හරස් මාර්ගයේ ආපන ශාලාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ නාඳුනන පුද්ගලයෙකු සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව තිබුණි.
ඊයේ රාත්‍රී 10.10ට පමණ අදාළ ආපන ශාලාව වසාදැමීමට සූදානම් වන අවස්ථාවේ එම වෙඩිතැබීම සිදුව ඇති බව වාර්තා වේ.
වෙඩිවැදීමෙන් බරපතළ තත්ත්වයෙන් පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 46 හැවිරිදි තිදරු පියා ජීවිතක්ෂයට පත්ව තිබුණි.
පොලීසිය පැවසුවේ වෙඩි තැබීම සඳහා යතුරුපැදියකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඇති බවය.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකය.






















