Saturday, November 7, 2026
HomeNEWSපාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

මත්ද්‍රව්‍ය භාවිත කිරීම චෝදනාවට බන්ධනාගාරගතවන සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ සිසුන් සංඛ්‍යාව 5000ක් දක්වා ඉහළගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන  ඒකනායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහන වෙත එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා,

“2015 වසරේ පාසල් නොගිය පුද්ගලයින් 600කට ආසන්න පිරිසක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට බන්ධනාගාරගතකර තිබෙනවා. ඒක 190ක් දක්වා 2021 වනවිට අඩුවෙලා තියෙනවා. නමුත් පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ හදාරණ සිසුන් බන්ධනාගාරගතවීමේ ප්‍රමාණය ඉහළගොස් තියෙනවා. එය 2015 වර්ෂයේදී තිබුණේ 2000ක් විතර 2021 වෙනකොට මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට බන්ධනාගාරගතවෙන සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ හදාරණ සිසුන් සංඛ්‍යාව 5000ක් දක්වා වැඩිවෙලා තියෙනවා. ඒකෙන් පේනවා මේ වයස අවුරුදු 16ත් 17ත් අතර උගත් සිසුන් පිරිසක් වැඩිවෙලා තියෙනවා කියන එක. ඒක හොඳ ප්‍රවණතාවක් නෙවෙයි. තව එකක් කියන්න ඕන 2015දී මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට බන්ධනාගාරගතවෙන ය අතරින් 30ත් 40ත් අතර වයස්වල පසුවන පිරිස තමයි වැඩිපුර හිටියේ. දැන් මේ වෙනකොට 22යි 30යි අතර කොටස වැඩිවෙලා. මේ ඔක්කොම අධ්‍යයනය කළාම මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහි වෙන තරුණ කොටස් ප්‍රමාණය වැඩිවීමක් තියෙනවා. 2020 වසරේ උපාධිධාරීන් 22ක් මත්ද්‍රව්‍ය භාවිත කරලා බන්ධනාගාරගතවෙලා තියෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත්

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත් ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි සමුළුව සඳහා සංචාරක ප්‍රවර්ධන...

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට ස්ථාන මාරුවක්

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න ලබන 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු...

විධායකය, ව්‍යවස්ථාදායකයට අනිසි අත පෙවීම් කරනවා – විපක්ෂ නායක සජිත්

කතානායකවරයාගේ විශ්වාසභංගයේ වගන්ති වෙනස් කරන්න කළ බලපෑම විධායකය ව්‍යවස්ථාදායකයට කරන අනිසි අත පෙවීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු...

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img