Saturday, November 7, 2026
HomeNEWSජනපති සමඟ කළ සාකාච්ඡාව සාර්ථකයි - සුමන්තිරන්

ජනපති සමඟ කළ සාකාච්ඡාව සාර්ථකයි – සුමන්තිරන්

උතුරේ ඉඩම් සහ එල්.ටී.ටී.ඊ සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා බවට ජනාධිපතිවරයා එකඟවූ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසයි.

ඔහු පැවසුවේ ජනාධිපතිවරයා සහ දෙමළ පක්ෂ නායකයින් අතර ඊයේ (21) පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණි බවය.

ජාතික සංහිඳියාව තුළින් ජනවාර්ගික ගැටලුවට විසඳුම් සෙවීම සඳහා පොදු එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 14 වැනිදා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබුණි.

එහි වැඩකටයුතු ඉදිරියට ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සහ දෙමළ පක්ෂ නියෝජිතයින් අතර තවත් සාකච්ඡාවක් ඊයේ රාත්‍රීයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.

එම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා,

“ජනාධිපතිතුමත් එක්ක, අගමැතිතුමා, අධිකරණ ඇමතිවරයා, විදේශ ඇමතිවරයා, සහ නීතිපතිවරයා හිටියා. මමත් සම්බන්ධන් මහතාත් සාකච්ඡාවට එකතු වුණා. ඩක්ලස් දේවානන්දු මහතාත් එකතු වුණා. දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එතනින් අඳුරගත්තා 5 දෙනෙක් වගේ දැනටම නිදහස් කරන්න පුළුවන්. අනෙක් අය ගැන නීතිපතිවරයා උපදෙස් දෙනවා කියලා කිව්වා කොහොමද ඒක කරන්න පුළුවන් කියලා. ඉඩම් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් හමුදාවත් එක්ක සාකච්ඡා කරලා තියෙනවාලු ජනවාරි මාසයේ 3 වනදා ජාතික ආරක්ෂක කවුන්සිලයේ එ නිර්දේශය දෙනවා කිව්වා. ඉන් පසුව අනෙක් ඉඩම් ගැනත් අපි සාකච්ඡා කරන්නට ඕනේ කියලා තීරණය කළා. නැවත ජනවාරි මාසයේ 05 වනදා අපි හමුවෙලා  ඉදිරි වැඩකටයුතු ගැන සාකච්ඡා කරනවා.” 

ප්‍රශ්නය – සාර්ථක සාකච්ඡාවක්ද ?    

“සාකච්ඡාවනම් සාර්ථකයි හැබැයි ඒකෙන් තවම මොනවත් වෙලා නැහැ. ඒවා ඉටුකරන වෙලාවේදී තමයි ඒක සාර්ථකද නැද්ද කියලා බලන්න වෙන්නේ. හැබැයි සාකච්ඡාවේදී ගැටලු කිසිවක් තිබුණේ නැහැ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත්

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත් ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි සමුළුව සඳහා සංචාරක ප්‍රවර්ධන...

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට ස්ථාන මාරුවක්

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න ලබන 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු...

විධායකය, ව්‍යවස්ථාදායකයට අනිසි අත පෙවීම් කරනවා – විපක්ෂ නායක සජිත්

කතානායකවරයාගේ විශ්වාසභංගයේ වගන්ති වෙනස් කරන්න කළ බලපෑම විධායකය ව්‍යවස්ථාදායකයට කරන අනිසි අත පෙවීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු...

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img