Saturday, November 7, 2026
HomeNEWSඅන්තර්ජාතික වෙළෙඳාම සඳහා ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක්

අන්තර්ජාතික වෙළෙඳාම සඳහා ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකාව ගෝලීය අගයදාමයන් සමඟ සම්බන්ධ කෙරෙන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් (ITO) මෙරට පිහිටුවීමට තීරණය කර තිබේ.

ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ආයතන වෙන් වෙන්ව ගනු ලබන ප්‍රවේශයන්හි අඩු පාඩු මඟහරවාලමින් එම කටයුතු වඩා කාර්යක්ෂම සහ විධිමත් කර ගැනීම වෙනුවෙන් මෙම නව කාර්යාලය ස්ථාපනය කෙරෙන අතර අදාළ සියලු ආයතන සම්බන්ධීකරණය කර ගනිමින් ජාත්‍යන්තර වෙළෙඳ අංශයන්හි උපරිම දායකත්වය රටේ ආර්ථිකයට ලබාදීම මෙමගින් සිදු කෙරෙනු ඇති.

භාවිතයට නොගෙන සැඟවී ඇති වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍රයන්හි විභවතා ආර්ථික පුනර්ජීවනය සඳහා යොදා ගැනීම රජයේ ආර්ථික සංවර්ධන වැඩසටනෙහි මූලික අංගයකි. ඒ අනුව, පළමුව දකුණු ආසියාව සමඟ සම්බන්ධ වී පසුව නැගෙනහිර දක්වා ව්‍යාප්ත වෙමින් චීනය, තායිලන්තය හා ඉන්දුනීසියාව සමඟ සම්බන්ධ වීමට අපේක්ෂා කරයි. 

අවසානයේදී ලෝක ආර්ථිකයෙන්, වෙළෙඳාමෙන් හා ජනගහනයෙන් 30%ක හිමිකාරීත්වය දරන “කලාපීය “විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (Regional Comprehensive Economic Partnership, RCEP) සමග සම්බන්ධ වීම ශ්‍රී ලංකාවේ අරමුණ වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත්

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත් ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි සමුළුව සඳහා සංචාරක ප්‍රවර්ධන...

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට ස්ථාන මාරුවක්

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න ලබන 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු...

විධායකය, ව්‍යවස්ථාදායකයට අනිසි අත පෙවීම් කරනවා – විපක්ෂ නායක සජිත්

කතානායකවරයාගේ විශ්වාසභංගයේ වගන්ති වෙනස් කරන්න කළ බලපෑම විධායකය ව්‍යවස්ථාදායකයට කරන අනිසි අත පෙවීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු...

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img