Saturday, November 7, 2026
HomeNEWSබාලවයස්කාර දැරියක් රඳවාගෙන සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක් රඳවාගෙන සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

15 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් ආගම වෙනස් කර විවාහ කරගැනීමට සූදානමින් සිටි තරුණයෙකු සහ ඔහුගේ මාමා කෙනෙකුව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මාමා යනුවෙන් හඳුන්වන පුද්ගලයා විසින් මෙම විවාහය සඳහා උපදෙස් ලබාදී ඇති අතර ඔහු විසින් දැරියව සඟවා තබා ගැනීමට නවාතැන් ද ලබාදී ඇත.

එම දැරිය ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයකු එලෙස ඇයව පැහැරගෙන ගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදී තිබුණේ නිකවටවන ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව විසිනි.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන සිදුකර තිබුණි.

සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙම පාසල් සිසුවිය මීට මාස 02කට පමණ ඉහතදී දඹුල්ල රෝහලේදී සිය මිත්තණියගේ සාත්තුව සඳහා රැඳී සිටියදී මෙම තරුණයා සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබූ බවය.

විවාහ උත්සවයට පෙර දැරියගේ ආගම වෙනස් කිරීමේ ප්‍රීතිය සැමරීමට දැරියගේ මව, පියා සහ තවත් කිහිප දෙනෙකු මෙන්ම තරුණයාගේ ඥාතීන් පිරිසක් එක්වී නිකවටවන ප්‍රදේශයේ නිවසක සාදයක් ද පවත්වා තිබේ.

පොලිස් ප්‍රශ්න කිරීම්වලදී දැරිය පවසා ඇත්තේ එම අවස්ථාවේදී තමා අදාළ තරුණයා සමග එම නිවසේ තනිවූ බවය.

තවදුරටත් මෙම දැරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ, 15 හැවිරිදි දැරිය මීට පෙර ගලේවෙල ප්‍රදේශයේ තරුණයෙකු අතින් අතවරයට ලක්වී ඇති බවය.

අදාළ සැකකරුට විරුද්ධව ගලේවෙල පොලීසියේ පැමිණිල්ලක් සහ දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද පවතින බවත් අනාවරණය වී ඇත.

මව්පියන්ගේ දැනුවත්කම මත මෙම විවාහය සිදුවීමට ගිය බවද ඇය පවසා තිබේ.

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.කේ. ඇල්ලේපොළ මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා නිලූකා ගයන්ති මහත්මිය ඇතුළු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත්

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත් ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි සමුළුව සඳහා සංචාරක ප්‍රවර්ධන...

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට ස්ථාන මාරුවක්

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න ලබන 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු...

විධායකය, ව්‍යවස්ථාදායකයට අනිසි අත පෙවීම් කරනවා – විපක්ෂ නායක සජිත්

කතානායකවරයාගේ විශ්වාසභංගයේ වගන්ති වෙනස් කරන්න කළ බලපෑම විධායකය ව්‍යවස්ථාදායකයට කරන අනිසි අත පෙවීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු...

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img