පසුගිය දෙසැම්බර් මාසයේ රජය විසින් රාජ්‍ය සේවක වැටුප් ගෙවන ලද්දේ යුරියා පොහොර අලෙවියෙන් ලත් මුදල්වලින් බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ ඊයේ (10) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවක දීය.
පසුගිය යල කන්නයේ දී හා මෙවර මහ කන්නයේ දී යුරියා පොහොර හා අනෙකුත් පොහොර අලෙවි කිරීම මගින් රුපියල් බිලියන 10.05ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් උපයා තිබේ.
එම මුදල් මහා භාණ්ඩාගාරය වෙත යොමු කිරීමෙන් අනතුරුව පසුගිය දෙසැම්බර් මාසයේ දී රාජ්‍ය සේවකයින් සඳහා නියමිත වැටුප් ගෙවීම සඳහා එම මුදල්වලින් කොටසක් භාවිත කිරීමට රජයට සිදුවූ අමාත්‍යවරයා එලෙස පැවසීය.
එමෙන්ම මෙවර මාස් කන්නයේවී අස්වනු නෙලීම ලබන සතිය අවසන් වනවිට ඇතැම් ප්‍රදේශවල ආරම්භ වන බැවින් වී අලෙවි මණ්ඩලය මගින් වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 10කවත් මුදලක් අවශ්‍ය වනු ඇතැයි ද අමාත්‍යවරයා පවසයි.






















