Saturday, September 19, 2026
HomeNEWSමෛත්‍රීගේ හිටපු කාර්යමණ්ඩල ප්‍රධානියාගේ දඬුවම ස්ථීර කෙරේ

මෛත්‍රීගේ හිටපු කාර්යමණ්ඩල ප්‍රධානියාගේ දඬුවම ස්ථීර කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්යමණ්ඩල ප්‍රධානී කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මගින් නියම කළ සිරදඬුවම අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථිර කර තිබේ.

2018 වසරේ මැයි මස කන්තලේ සීනි කම්හලේ යන්ත්‍රෝපකරණ පවරා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54ක අල්ලසක් ඉල්ලා ඉන් මිලියන 20ක් ලබාගත්තේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් කුසුම්දාස මහානාම සහ පියදාස දිසානායක යන විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු පවරා තිබුණි.

එම චෝදනාවලට වරදකරු කෙරුණු කුසුම්දාස මහානාම නමැති විත්තිකරුට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් බරපතළ වැඩ සහිත වසර 20ක සිරදඬුවම් හා රුපියල් 65,000ක දඩයක් නියම කර තිබුණි.

ඊට අමතරව පියදාස දිසානායක නමැති විත්තිකරුට ද බරපතළ වැඩ සහිත වසර 12ක සිරදඬුවම් නියම කළ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊට අමතරව ඔහුට රුපියල් 50,000ක දඩයක් ද නියම කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රුසියාවෙන් බලශක්ති මිලදී ගන්නා රටවලට ඇමෙරිකාවෙන් 100%ක බද්දක්

රුසියාවට දැඩි සම්බාධක පැනවීමට ඉඩ සලසන පනත් කෙටුම්පතකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබයි. මෙමගින් චීනය ඇතුළු රුසියාවෙන් බලශක්ති මිලදී ගන්නා රටවල් සඳහා 100%...

22ක තුළින් රටේම ජනතාව සිරකරුවන් බවට පත්වෙනවා-විපක්ෂ නායක සජිත්

22 වැනි සංශෝධනය තුළින් රටේම ජනතාව පැලවත්තේ සිරකරුවන් බවට පත් කරන්න රජය උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අප රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය...

සෞදියේදී ශ්‍රීලාංකිකයෙකුට මරණ දඬුවම නියම වීමේ ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු කටයුතු අමාත්‍යංශය පවසයි

ආගමික නායකයෙකුට අපහාස කළ බව කියන සිද්ධියක් මත සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකුට මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වේ. සෞදි අරාබියේ...

විදේශ රටවල තානාපති ප්‍රධානීන් නැගෙනහිර පළාතේ සංචාරයක

කොළඹ සිටින විදේශීය තානාපති කාර්යාල ප්‍රධානීන් උදෙසා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලැබූ විශේෂ සංචාරක සංවර්ධන අධ්‍යයන සංචාරය අද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img