පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා බදු දුන් ඉඩමක කංසා වගාකර ඇතැයි යනුවෙන් පළවන මාධ්‍ය වාර්තා සහ එම වාර්තා උපුටා දක්වමින් සමාජ මාධ්‍ය තුළ සිදුවන අසත්‍ය ප්‍රචාරයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
තමාගේ කිසිදු ඉඩමක හෝ තමා කුලී පදනම මත ලබා දී ඇති ඉඩමක කංසා වගාකර නොමැති බවත් මේ ආකාරයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකිරීම ගැන දැඩිලෙස කණගාටුවට පත්වන බවත් මෙම අසත්‍ය ප්‍රචාරවලට රටේ පොදු මහජනතාව රැවටෙන්නේ නොමැති බවට තමාට දැඩි විශ්වාසයක් පවතින බවද නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා කියා සිටී.
මෙම අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකර ඊට අදාළ නීතිමය පියවර ගන්නා බවද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.






















