Saturday, September 19, 2026
HomeNEWSඑකම පවුලේ පස්දෙනාගේ අවසන් කටයුතු සිදුකෙරේ

එකම පවුලේ පස්දෙනාගේ අවසන් කටයුතු සිදුකෙරේ

නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේ දී සිදුවූ රිය අනතුරින් මියගිය හැටන් දික්ඔය නගරයේ පදිංචි එකම පවුලේ පස්දෙනාගේ අවසන් කටයුතු අද (22) අලුයම හැටන් දික්ඔය ජුම්මා මුස්ලිම් පල්ලියේ සුසාන භුමියේදි සිදුකෙරිණි.

මෙසේ අනතුරෙන් මියගොස් ඇත්තේ අබ්දුල් රහිම් නැමති 54 හැවිරිදි පියා, 42 හැවිරිදි ඒ.අයේෂා නැමති මව, මොහොමඩ් සයිම් නැමති 14 හැවිරිදි ඥාති පුතා, ඒ.මරියම් නැමති 11 හැවිරිදි දුව ය.

දික්ඔය මුස්ලිම් පල්ලියේ සිදුකළ විශේෂ යාඥාවකින් පසුව මියගිය පස්දෙනාගේ අවසන් කටයුතු සිදුකළ අතර, අවසන් ගෞරව දැක්විම සඳහා ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව මෙන්ම ප්‍රදේශවාසින් විශාල පිරිසක් සහභාගි වූහ.

අබ්දුල් රහිම් සහ ඥාති පුතා වන මොහොමඩ් වෙන් වෙන් වශයෙන් සෙහොන් වළක සහ මව, දියණියන් දෙදෙනා එක් සොහොන් වළක මිහිදන් කරනු ලැබුහ.

එම වෑන් රථයේ එකම පවුලේ ඥාතින් දස දෙනෙකු ගමන් කර ඇති අතර, ඉන් බරපතළ තුවාල ලැබු අනෙකුත් සිව්දෙනා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

මියගිය අය සිහි කරමින් හැටන් දික්ඔය නගරයේ සියලුම වෙළෙඳසැල් ඊයේ (21) දින වසා දමා සුදු කොඩිවලින් සරසා තිබුණි.

එම අනතුරෙන් මිය ගිය වෑන් රථයේ රියදුරු වන හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි ආර්.එන්.පි.දිනේෂ් නැමති 27 හැවිරිදි තරුණයාගේ සිරුර හැටන් කුඩාගම ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර, දිනේෂ්ගේ අවසන් කටයුතු හෙට (23) කුඩාගම පොදු සුසාන භුමියේදි සිදුකිරීමට නියමිතය.

අනතුර සිදුකළ අවු 62 හැවිරිදි බස් රථ රියදුරු නානුඔය පොලීසිය විසින් ඊයේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර , සැකකරු අද නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලීසිය පැවසීය.

ඉකුත් 20 වන දින රාත්‍රියේ නුවරඑළිය සිට කොළඹ දක්වා ධාවනය කළ පෞද්ගලික බස් රථය හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේ කර්බර්ග් වගුයාය ප්‍රදේශයේ දී වෑන් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටී අනතුරට පත් බස් රථය මිටර් 100 පමණ ප්‍රපාතයට පෙරළී තිබුණි.

බස් රථයේ ගමන් ගත් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ළමුන් 41 , ගුරුවරුන් සහ දෙමව්පියන් ඇතුළු 53 දෙනෙකු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබු අතර, එම තුවාලකරුවන්ගෙන් 43 දෙනෙකු ඊයේ පස්වරුව වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය මහෙන්ද්‍ර සෙනවිරත්න මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රුසියාවෙන් බලශක්ති මිලදී ගන්නා රටවලට ඇමෙරිකාවෙන් 100%ක බද්දක්

රුසියාවට දැඩි සම්බාධක පැනවීමට ඉඩ සලසන පනත් කෙටුම්පතකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබයි. මෙමගින් චීනය ඇතුළු රුසියාවෙන් බලශක්ති මිලදී ගන්නා රටවල් සඳහා 100%...

22ක තුළින් රටේම ජනතාව සිරකරුවන් බවට පත්වෙනවා-විපක්ෂ නායක සජිත්

22 වැනි සංශෝධනය තුළින් රටේම ජනතාව පැලවත්තේ සිරකරුවන් බවට පත් කරන්න රජය උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අප රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය...

සෞදියේදී ශ්‍රීලාංකිකයෙකුට මරණ දඬුවම නියම වීමේ ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු කටයුතු අමාත්‍යංශය පවසයි

ආගමික නායකයෙකුට අපහාස කළ බව කියන සිද්ධියක් මත සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකුට මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වේ. සෞදි අරාබියේ...

විදේශ රටවල තානාපති ප්‍රධානීන් නැගෙනහිර පළාතේ සංචාරයක

කොළඹ සිටින විදේශීය තානාපති කාර්යාල ප්‍රධානීන් උදෙසා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලැබූ විශේෂ සංචාරක සංවර්ධන අධ්‍යයන සංචාරය අද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img