Thursday, September 17, 2026
HomeNEWSඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුළු, මධ්‍ය හා මහා පරිමාණ සියළුම කර්මාන්තකරුවන්ට ලබා දීමට නියමිත...

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුළු, මධ්‍ය හා මහා පරිමාණ සියළුම කර්මාන්තකරුවන්ට ලබා දීමට නියමිත හිඟ බිල්පත් කඩිනමින් ගෙවීමට පියවර….

 ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුළු, මධ්‍ය හා මහා පරිමාණ සියළුම කර්මාන්තකරුවන්ට ලබා දීමට නියමිත හිඟ බිල්පත් කඩිනමින් ගෙවීමට පියවර….
 මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල් අනුව ඒවා කොටස් වශයෙන් ගෙවීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය….

  • ඇමති ප්‍රසන්න රණතුංග
    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුළු, මධ්‍ය හා මහා පරිමාණ සියළුම කර්මාන්තකරුවන්ට ලබා දීමට නියමිත හිඟ බිල්පත් කඩිනමින් ගෙවීමට අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
    ඔහු පෙන්වා දෙන්නේ මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල් අනුව ඒවා කොටස් වශයෙන් ගෙවීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමුව ඇති බවයි.
    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් රැක ගත නොහැකි වුවහොත් ඉදිරි වසර දෙක තුන තුළ විශාල අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බවද ඇමතිවරයා සඳහන් කළේය.
    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ නිලධාරින් පිරිසක් සමඟ අද (23) දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමිණි.
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද කීය,
    ‘‘දිවයින පුරා විසිරී සිටින ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුළු, මධ්‍ය හා මහා පරිමාණ සියළුම කර්මාන්තකරුවන් වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගන්න වැඩපිළිවෙලක් දැනටමත් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ට අවශ්‍යවන මූල්‍යමය උපදෙස් ලබා දීමට අප කටයුතු කරනවා. බැංකු ණය ගෙවා ගන්න බැරිව ඔවුන් මේ වෙලාවේ අසරණ වෙලා ඉන්නේ.
    පසුගිය අවුරුදු කිහිපයේ ඔවුන්ට ලබා දීමට නියමිත හිඟ බිල්පත් ගෙවන්න මූලික අවධානය යොමු කර තිබෙනවා. මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල් අනුව ඒවා කොටස් වශයෙන් ගෙවීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වුණා. ඔවුන්ට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා ලබා දෙන්නත්, ආසන්න රටවල්වල තිබෙන ව්‍යාපෘති සඳහා ඔවුන්ව යොමු කිරීමට අවශ්‍ය වන ප්‍රතිපත්ති පවා සංශෝධනය කිරීමට අවශ්‍ය සාකච්ඡා සිදු වෙමින් පවතිනවා. ඒ යටතේ ඔවුන්ට පුළුවන් වේවි තමන්ගේ යන්ත්‍ර සූත්‍ර තමන්ගේ ශිල්පීය නිපුණතාවයන් තියෙන නිලධාරීන් ඒ සදහා යොමු කරන්න. ඒ තුළින් විදේශ විනිමය ගෙන ඒමට හැකිවනවා සේම ඔවුන්ගේ කර්මාන්තය රැක ගන්නත් හැකි වෙනවා.
    ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ලක්ෂ 13 කට ආසන්න සේවක පිරිසක් පීඩනයට පත් ව ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. සුපුරුදු කර්මාන්තයෙන් බැහැරව වෙනත් කර්මාන්තයකින් හෝ වෙනත් ආයෝජන මාර්ගයකට ඒ සම්පත් භාවිතා කර වෙනත් කර්මාන්ත සදහා යොමු කිරීමටත් අවධානය යොමුව තිබෙනවා. සුළු, මධ්‍ය හා මහා පරිමාණ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් මේ වෙලාවේ රැක බලා ගැනීම රජයේ වගකීමක්. එය අපගේ යුතුකමක්. ඒ අනුව අප ඒ සඳහා ගත හැකි ගත යුතු සියලුම පියවර ගන්නවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ස්ථාන මාරු පිළිනොගත් ජාතික පාසල් ගුරුවරුන්ට විනය ක්‍රියාමාර්ග

ස්ථාන මාරු නියෝග පිළිනොගෙන කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ජාතික පාසල්හි සේවය කරන ගුරුවරුන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර...

ඕස්ට්‍රේලියානු වීසා නීති දැඩි වෙයි – විදෙස් සිසුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සීමා

ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් සඳහා තම සහකරු/සහකාරිය හෝ දරුවන් රට තුළට ගෙන්වා ගැනීම වළක්වන නව වීසා සීමා පැනවීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර ඇති...

වර්ජනයක් ක්‍රියාත්මක වුව ද සියලු කාර්යාල දුම්රියන් මේ වන විට සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මාධ්‍ය ප්‍රකාශක  දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ  මහතා සඳහන් කළේ, එක් දුම්රියක් හැර  අනෙක් සියලු දුම්රියන් සාමාන්‍ය පරිදි මේ වන විට ධාවනය කිරීමට සැලසුම්...

මට්ටක්කුලියේ මාරක අනතුරක්.. තිදෙනෙකු මරුට

මට්ටක්කුලිය - රාස්සමූණකන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක්, ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් ගැටී සිදුවූ අනතුරකින් තිදෙනෙකු මරුට. 05 කට වැඩි පිරිසකට තුවාල: පොලිසිය .
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img