Friday, September 18, 2026
HomeNEWSරියදුරු - කොන්දොස්තර සාදය මරණයකින් කෙලවර වෙයි

රියදුරු – කොන්දොස්තර සාදය මරණයකින් කෙලවර වෙයි

පහරදීමක් හේතුවෙන් පසුගිය 23 වනදා රෝහල්ගත කළ පුද්ගලයෙක් ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඊයේ (24) කටුනායක පොලිස් ස්ථානයට මීගමුව රෝහල විසින් කළ දැනුම්දීමක් මත ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවය.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 37ක් වූ දඹගල්ල, මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා මොනරාගල සිට කටුනායක දක්වා ධාවනය වන ලංගම බස් රථයක කොන්දොස්තරවරයෙක් ලෙස රැකියාව සිදුකළ අයෙකි.

ඔහු සහ බස්රථ රියදුරා පුරුද්දක් ලෙස කටුනායක වලාන ප්‍රදේශයේ පන්සලක නවාතැන් ගන්නා ගෙන ඇත.

කෙසේ වෙතත් එලෙස නවාතැන් ගැනීමට පසුගිය 23 වනදා පන්සල වෙත පැමිණෙන අවස්ථාවේ මොනරාගල සිටි පැමිණි හිතවෙතෙකු ද මොවුන් සමග නතර වී තිබේ.

පසුව ඔවුන් තිදෙනා එක්ව මත්පැන් පානය කර ඇතැයි අනාවරණය වී ඇත.

කෙසේවෙතත් එම අවස්ථාවේ දී කොන්දොස්තර හා රියදුරු අතර ඇති වූ බහින්බස්වීමෙන් අනතුරුව රියදුර විසින් කොන්දොස්තරගේ ගෙලට මත්පැන් බෝතලයක් බිඳ එම කටුවෙන් ඇන ඇතැයි විමර්ශනවලදී හෙළිවුණි.

පසුව තුවාල ලැබු පුද්ගලයාව රෝහල් ගතකර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු ජීවිතක්ෂයට පත්වුණි.

සිදුවීම සම්බන්ධයෙන් බස්රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හා පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් අද විවෘතවේ.

ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හා “දියජනනි” දඹුල්ල පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘතවේ. මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ...

හෝමූස් හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ තෙල් නැවකට පහර දුන් බව ඉරානය කියයි

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ "ටෝගෝ "රාජ්‍යයේ ධජය සහිත තෙල් ප්‍රවාහන නෞකාවකට පහර දුන් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසයි:...

පළමු වැනි විධායක ජනාධිපති ජේ. ආර්. සැමරුම රනිල් තරුණ ප්‍රජාව සමග

පළමු වැනි විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 120 වැනි ජන්ම දින සැමරුම් උත්සවයක් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැත්විණි. උත්සව අවස්ථාව සඳහා සහභාගී වූ...

ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන රැසක් සම්මුතියකට

ශ්‍රී ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අයිතිවාසිකම් රැක ගැනීම උදෙසා විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ සිවිල් බලවේගයන්ගේ ඒකාබද්ධ සම්මුතිය වෙනුවෙන් රටේ ප්‍රධාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img