Thursday, September 17, 2026
HomeNEWSඉඩම් ආරවුල ද්විත්ව ඝාතනයකින් කෙළවර වෙයි

ඉඩම් ආරවුල ද්විත්ව ඝාතනයකින් කෙළවර වෙයි

නිවසක් කුළ අඹුසැමි යුවළක් කපා කොටා ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ අම්බලන්තොට බෝලාන රුහුණු රිදීගම තුනේ කණුව ප්‍රදේශයේදී නිවසක් තුළ අද (27) පෙරවරුවේ මෙම අපරාධය සිදුවී ඇති බවය.

ඝාතනයට ලක්වූ පිරිමි පුද්ගලයාගේ මස්සිනා කෙනෙකු සිද්ධියට සැකපිට අම්බලන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

අදාළ සැකකරු අම්බලන්තොට බෙලිගාලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලීසිය සැක කරන්නේ අදාළ සැකකරු නිවසට කඩාවැදී පොරොවකින් සහ කැත්තකින් පහරදී මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බවටය.

ඝාතනයට ලක්වී ඇත්තේ 61 හැවිරිදි වෙන්ගප්පුලී ආරච්චිගේ සුනිල් සහ 56 හැවිරිදි හේවාමානගේ කුසුමලතා යන අඹුසැමි යුවළකි.

කලක පටන් පැවති බව කියන ඉඩම් ආරවුලක් මත මෙම ඝාතන සිදුකර තිබෙන බවට ද තොරතුරු හෙළිවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මට්ටක්කුලියේ මාරක අනතුරක්.. තිදෙනෙකු මරුට

මට්ටක්කුලිය - රාස්සමූණකන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක්, ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් ගැටී සිදුවූ අනතුරකින් තිදෙනෙකු මරුට. 05 කට වැඩි පිරිසකට තුවාල: පොලිසිය .

මහජන අධීචෝදනා අධ්‍යක්ෂ තනතුර ඇති නොකරන්නේ ඇයි? ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 16 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. දැන් මේ...

නාමල් රාජපක්ෂ 23 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් සිද්ධියට අදාලව ඇ:ඩො:මි: 2 ක් අයථා පරිහරණ චෝදනාවට සැකකරුවකු ලෙස ඉදිරිපත් කළ පා. ම. නාමල් රාජපක්ෂ ලබන 23 දක්වා රිමාන්ඩ් කිරීමට කොටුව...

මන්නාරම රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ දියුණු වන මන්නාරම දිස්ත්‍රික්ක තුළ ඉහළ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීමට මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img