Wednesday, September 16, 2026
HomeNEWSබදු බර අඩු කළ හැකි ක්‍රමයක් යෝජනා කෙරේ

බදු බර අඩු කළ හැකි ක්‍රමයක් යෝජනා කෙරේ

වෘත්තිකයින්ගේ බදු බර අඩු කිරීම සඳහා ශ්‍රී ලංකාව කඩිනමින් මුදල් සංසරණයෙන් ඉවත් විය යුතු බව ආර්ථික විශ්ලේෂක ආචාර්ය චමින්ද මලලසේකර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සියලු ගෙවීම් මුදල් භාවිතයෙන් තොර බැංකු හෝ අන්තර්ජාලය හරහා පමණක් සිදුකිරීමෙන් බදු වංචා කරන පුද්ගලයින් හඳුනාගැනීමේ හැකියාවක් ලැබෙන බවය.

“අපිට තිබෙන ප්‍රධාන ප්‍රශ්නය මේ බදු අඩු කරන්න පුළුවන් ද? බැරිද? වෘත්තිකයින්ගේ බදු බර අඩු කරන්න පුළුවන්. ඒකට යම් ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ රට වේගයෙන් මුදල් භාවිතා නොකරන රටක් බවට පත්කරන්න ඕනේ. රට තුළ මුදල් සංසරණය වෙන්න බැහැ. ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්, ඔන්ලයින් ක්‍රම හඳුන්වා දීලා මුදල් සංසරණය නවත්වන්න ඕනේ.” 

“මේ වගේ ක්‍රමවේදයකට ගියාට පස්සේ හැමෝටම සිද්ධ වෙනවා තමන් සිදුකරන ඕනම ගෙවීමක් බැංකු ක්‍රමවේදයක් හරහා සිදුකරන්න. එතකොට මේ රටේ බදු ගෙවිය යුතු නමුත් බදු නොගෙවන මුදලාලිලාට නිකම්ම බදු ගෙවන්න වෙනවා. බදු ගසාකන හැමෝගෙන්ම බදු ගත්තට පස්සේ මේ වෘත්තිකයින් පිට පමණක් පැනවෙන බද්ද අඩු කරන්න පුළුවන්. එතකොට දේශපාලකයෙකුටවත් හොරකම් කරන්න බැහැ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සෞදියේ – ජෙඩා කොන්සල් කාර්යාලයෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂක උපදෙස්

බටහිර කලාපයේ මතුවන තත්ත්වය නිසා, සෞදියේ - ජෙඩා කොන්සල් කාර්යාලය එහි සිටින ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂක උපදෙස් නිකුත් කරයි. අදාල පණිවුඩ ගැන අවධානයෙන් සිටින ලෙසත්...

ඉන්දියානු ගිවිසුම් හෙළි කරන ලෙස ඉල්ලමින් ජන අරගල ව්‍යාපාරය මහපාරට

" සෝදිසි රාජ්‍යයට පාර කපන, ඉන්දියාවට දත්ත පුදන, ජෛවමිතික දත්ත හැදුනුම්පතට එරෙහි වෙමු ! ඉන්දියානු හොර ගිවිසුම් 07 හෙළි කරනු ! " යන සඨන් පාඨ මූලික...

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව කොළඹදී

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) කොළඹ දී පැවැත්විය.... ජාත්‍යන්තර...

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතිසි

රෝහල් ගතව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සම්බන්ධ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 22 වනදා අධිකරණය හමුවේ පෙනී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img