Tuesday, September 15, 2026
HomeNEWSපීඩන අවපාතය ගැන අනතුරු ඇඟවීමක්

පීඩන අවපාතය ගැන අනතුරු ඇඟවීමක්

ගිනිකොන දිග සහ ඊට යාබද නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 455ක් පමණ නැගෙනහිර දෙසට බරව ගිනිකොණ දෙසින් අක්ෂාංශ 8.1°N සහ දේශාංශ 85.3°E ආසන්නයේ කේන්ද්‍රගතව පවතී. 

එය අද (31) සවස දක්වා ක්‍රමයෙන් බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කර පසුව දකුණට බරව නිරිත දෙසට හැරී හෙට (01) පෙරවරුවේදී ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව  සඳහන් කරයි.

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත්, ඇතැම් ස්ථානවලට මී.මි 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකිය. 

වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත්, ඇතැම් ස්ථානවලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇති වේ.

නැගෙනහිර, ඌව, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මුලතිවු, යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 50-60 පමණ තද සුළං බලාපොරොත්තු වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම 18 වෙනිදා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කරයි

අධිකරණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත්වරයා කර ඇති නිගමනය අභියෝගයට ලක් කරමින් පා. ම දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා...

22ට එරෙහිව සජබ 24 කොළඹට – විපක්ෂ නායක සජිත්

22ට එරෙහිව සජබ 24 කොළඹට - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන්න සැප්තැම්බර්...

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img