Tuesday, September 15, 2026
HomeNEWSමහවැලි අධිකාරියෙන් ජලය ගැන පැහැදිලි කිරීමක්

මහවැලි අධිකාරියෙන් ජලය ගැන පැහැදිලි කිරීමක්

සැලකියයුතු වර්ෂාපතනයක් නොලැබීම මත උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි උත්පාදනයට අවශ්‍ය අතිරේක ජලය බෙදාහැරීම සිදුනොවන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පැවසීය.

එම තීරණය ගෙන ඇත්තේ පසුගියදා රැස්වූ ජල කළමනාකරණ කමිටුවේදීය.

ඒ අනුව, විදුලි උත්පාදනය සඳහා සාමාන්‍ය දිනවලදී නිතුක් කරනු ලබන ජල ප්‍රමාණය පමණක් ලබාදෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් එම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එන්.ජේ. ධනපාල මහතා සඳහන් කර ඇත්තේ උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළදී විදුලි උත්පාදනය සඳහා අතිරේක ජලය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජල කළමනාකරණ කමිටුව රැස්වූ බවය.
 
අපේක්ෂා කළ පරිදි වර්ෂාපතනය නොලැබීම හා වාරි ජලය මෙන්ම පානීය ජලය සඳහා අවශ්‍ය ජල ප්‍රමාණයද සලකමින් සාමාන්‍ය පරිදි ජල විදුලි නිෂ්පාදනය සඳහා ජලය නිකුත් කිරීමට තීරණය කර ඇති බව එන්.ජේ. ධනපාල මහතා වැඩිදුරටත් විදුලිබල අමාත්‍යාංශයට දන්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම 18 වෙනිදා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කරයි

අධිකරණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත්වරයා කර ඇති නිගමනය අභියෝගයට ලක් කරමින් පා. ම දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා...

22ට එරෙහිව සජබ 24 කොළඹට – විපක්ෂ නායක සජිත්

22ට එරෙහිව සජබ 24 කොළඹට - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන්න සැප්තැම්බර්...

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img