Monday, September 14, 2026
HomeNEWSභූ කම්පනය මැද ලොවම මවිත කළ අයාට විශාල ඉල්ලුමක්

භූ කම්පනය මැද ලොවම මවිත කළ අයාට විශාල ඉල්ලුමක්

වයඹ දිග සිරියාවේ භූකම්පනයේ බලපෑමෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරව සිටි මවක් විසින් ප්‍රසූත කළ දැරිය හදා වඩා ගැනීමට දහස් ගණනක පිරිස් ඉල්ලීම් සිදුකරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම දැරියට ‘ආශ්චර්ය‘ තේරුම ඇති එනම් ‘අයා‘ ලෙස නම් තබා ඇති අතර දැරියගේ මව, පියා මෙන්ම සහෝදර සහෝදරියන් සිව්දෙනා ද භූකම්පනයෙන් මියගොස් තිබුණි.

රෝහලට රැගෙන එන විට සීරීම්, තැලීම් හා අධික සීතල හේතුවෙන් ශ්වසන අපහසුතාවෙන් පෙළුණු දැරියගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් අතට හැරී ඇති බව රෝහල් බලධාරීන් පවසයි.

දැරිය හදා වඩා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම අදාළ රෝහල වෙත ද දුරකථන ඇමතුම් දහස් ගණනක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් දැරියගේ ඥාතියෙකු පැමිණෙන තෙක් දැරිය රැකබලා ගැනීමේ වගකීම තමා විසින් භාරගන්නා බවට රෝහල් කළමනාකාරවරයා ප්‍රකාශ කර ඇති අතර කුඩා දරුවෙකුගේ පියෙකු වන ඔහුගේ බිරිඳ විසින් දැරියට මව්කිරි ලබාදීම ද සිදුකරන බවය. 

මේ අතර තුර්කියේ සහ සිරියාවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 21,000 ඉක්මවා ගොස් තිබේ.

පසුගිය සඳුදා සිදුවූ ප්‍රබල භූකම්පනයෙන් තුර්කියේ මරණ 17,674ක් සහ සිරියාවේ මරණ 3,377ක් සිදුව ඇති බවයි වාර්තා වෙයි.

තුවාල ලැබූ සමස්ත සංඛ්‍යාව 75,000 ඉක්මවන අතර සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය.

තුර්කියේ හතායි ප්‍රදේශයේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර පැය 79ක පමණ කාලයක් සිරව සිටි වයස අවුරුදු දෙකක කුඩා පිරිමි දරුවෙකු මුදාගැනීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img