Monday, September 14, 2026
HomeNEWSවිෂ වායු සිද්ධියට එරෙහිව රුහුණේ විරෝධතාවක්

විෂ වායු සිද්ධියට එරෙහිව රුහුණේ විරෝධතාවක්

රුහුණු විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ සරසවි සිසුන් විසින් අද (13) විරෝධතාවයක් පැවැත්විය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්, කථිකාචාර්ය රොහාන් ලක්සිරි මහතාගේ නිල කාමරයට විෂ වායුවක් මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ප්‍රමුඛ පරිපාලනය නිසි විමර්ශනයක් සිදුනොකළ බවට චෝදනා කරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවිය.

රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය රොහාන් ලක්සිරි මහතා ඉකුත් පෙබරවාරි 6 වනදා විශ්වවිද්‍යාල පරිශ්‍රයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ පිහිටි සිය නිල අධ්‍යයන කාමරයට ගොස් ඇත.

ගෑස් කාන්දුවක් වැනි දුර්ගන්ධයක් එහිදී තමාට දැනුණු බවත්, ටික වේලාවකින් ක්ලාන්ත ගතියක්ද හටගත් බවත් රොහාන් ලක්සිරි මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය රොහාන් ලක්සිරි මහතා,

“ඒක විශාල සැර දුගඳක්. විනාඩි 10ක් යන්න කලින් මට දැඩි ඔළුවේ කැක්කුමක් දැනුණා. ඊට පස්සේ මම දැඩි උස්සහයක් දැරුවා මේක මොකක්ද කියලා හඳුනාගන්න. මම ඊට පස්සේ මාහාචාර්ය අනුර කුමාර මහතාගේ සහාය ගත්තා. එතුමාගේ නිරික්ෂණයක්ට අනුව ඒක විෂ වායුවක් හා සමාන දෙයක් කියලා එතුමා මට ප්‍රකාශ කළා. පස්සේ මම ඒ පිළිබඳ උපකුලපතිවරයාට කෙළින්ම දැනුම්දුන්නා. උපකුලපතිතුමා නියෝජ්‍ය උපකුලපතිතුමාව එවලා මගේ කාර්යාලය පවතින ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම සීල් කළා. පසුව පැය 30කට විතර පසුව තමයි මේ සීල් කඩන්නේ. 


උපකුලපතිතුමා සහ සෞඛ්‍ය පරීක්ෂකතුමා සහ විශ්වවිද්‍යාලයේ ආරක්ෂ අංශයේ කිහිපදෙනෙක් ඇවිල්ලා කාමරය විවෘත කරලා ජනේලේ ඇරියා, ෆෑන් එක හයියෙන් දැම්මා. ගොඩනැගිල්ලේ තිබුණු එයාර්ස්ප්‍රේ එක කාමරයට ගැහුවා. හැන්ඩ් සැනිටයිසර් විශාල වශයෙන් පාවිච්චි කළා. කවුද කළේ කියලාවත්, මොකක්ද වුණේ කියලාවත් හඳුනාගන්න බැරි විදියට සාක්ෂි විනාශවීමක් සිදුවුණා. ඒ නිසා මම පොලීසියේ පැමිණිල්ලක් කළා. පොලීසිය පවා කිව්වේ සාක්ෂි විනාශවෙලා තියෙන්නේ කියලා. මම විශ්වාස කරනවා එය සංවිධානාත්මක මිනීමැරුමක සැලසුමක් කියලා.”

කෙසේ වෙතත් මෙවැනි පසුබිමක, මෙම සිද්ධිය සම්බන්ධයෙන් රුහුණු විශ්ව විද්‍යාලයේ පීඨාධිපතිවරුන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කරුණු පැහැදිලි කරමින් පැවසුවේ මෙය රුහුණු විශ්වවිද්‍යාලයේ පවතින සාමකාමී බව නැති කිරීමට දරපු උත්සාහයක රඟදැක්වීමක් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img