Monday, September 14, 2026
HomeNEWSප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

කොළඹ සිට ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. 

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩි විය හැක.

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. 

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු විය හැක.

මුහුදු රළ තරංග කාලය වැඩිවීම හේතුවෙන් මන්නාරම සිට පුත්තලම, කොළඹ හරහා ගාල්ල දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img