Monday, September 14, 2026
HomeNEWSඑස්. ජී සේනාරත්නට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

එස්. ජී සේනාරත්නට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

‍මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයෙකු වශයෙන් එස්.ජී සේනාරත්න මහතා පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබාදී තිබේ.

වාර්තා වන්නේ ඊයේ (13) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අදාළ පත්කිරීම සිදුකර ඇති බවය. 

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන මහත්වරුන් පසුගියදා ඉල්ලා අස්වුණි.

ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සාමාජිකයෙකු වෙනුවට එස්.ජී සේනාරත්න මහතා පත්කර ඇති බව වාර්තා වෙයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කළේ අනෙක් පුරප්පාඩුව සඳහා සාමාජිකයෙකු පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද දිනයේ යළි රැස්වීමට නියමිත බවය.

මේ අතර විදුලි බිල සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිශන් සභාව හෙට දිනයේ අවසන් තීරණයක් ගැනීමට පෙර විදුලි බල මණ්ඩලය සහ එම කොමිශන් සභාව සාකච්ඡා කරන ලෙස ජාතික සභාව නිළධාරීන්ට දැනුම් දී තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික සභාව ඊයේ රැස්වුණි.

මහජන උපයෝගිතා කොමිශන් සභාවේ සාමාජිකයින්, විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ සහ ලංකා විදුලි බල මණ්ඩලයේ නිළධාරීන් ඊයේ ජාතික සභාව හමුවට කැදවා තිබුණි.

එහිදී විදුලි ගාස්තු වැඩීවීම පිළිබඳ අවසන් තීරණය හෙට දිනයේ දැනුම්දීම සඳහා මේ වනවිට කටයුතු සම්පාදනය කරමින් පවතින බව මහජන උපයෝගිතා කොමිශන් සභාවේ නිළධාරීන් පවසා ඇත.

ඒ අනුව මහජන උපයෝගිතා කොමිශන් සභාව සහ විදුලි බල මණ්ඩලය එක් මතයකට පැමිණ තීරණයක් ගැනීම වඩාත් වැදගත් බැවින් කඩිනමින් ඒ පිළිබඳ සාකච්ඡා කොට තීරණයක් ගැනීමේ අවශ්‍යතාව ජාතික සභාව විසින් අවධාරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img