Tuesday, September 15, 2026
HomeNEWS13ට එකඟ නොමැති බව ජවිපෙ කියයි

13ට එකඟ නොමැති බව ජවිපෙ කියයි

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනතා විමුක්ති පෙරමුණ එකඟ නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

“ජනතා විමුක්ති පෙරමුණේ මේ පරණ 79 එක කියවලා බෙරිහන් දෙන්නේ නැතුව, මේ අලුත් ආර්ථික ප්‍රතිපත්තිය කියවන්න ඕනේ. එයා බලන්න ඕනේ මේකෙයි මේකෙයි වෙනස.” 

ප්‍රශ්නය – ඒ වෙනස් වීම ඇයි නිල වශයෙන් කියන්න බැරි ? “ෆී ලුට්ටු ද පැණික්” කියන ලේඛනය ඔබතුමා දකින්න ඇති ? ජනතා විමුක්ති පෙරමුණේ  ප්‍රධාන ලේකම් තුමා. එතුමාගේ අත්සනින් යුතුව රබර් මුද්‍රව තබලා ලිපි ශිර්ෂයක මේක කියන්න පුළුවන්නේ. අපි මෙහෙමයි දැන් හිතන්නේ කියලා. විද්‍යාත්මක සමාජවාදය ක්‍රියාත්මක කරන්න නෙමේ අපි මේ එන්නේ කියලා කියන්න පුළුවන් නේ. හුඟාක් අයගේ කටවල් වහන්න පුළුවන් නේ. 

“ඔයාගේ යෝජනාවක් හැටියට මෙම අපේ දේශපාලන මණ්ඩලයට ඒක ඉදිරිපත් කරන්නන්. අපි ඡන්දය ඉල්ලන්නේ ජනතා විමුක්ති පෙරමුණ විදියට නෙමේ. ජනතා විමුක්ති පෙරමුණ සහ තවත් පක්ෂ සංවිධාන ගණනාවක් ඇතුළත්. ජාතික ජනබල වේගය 1979 නෙමේ 2023 ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන ලේඛන තිබෙනවා. ඒ සියල්ලගේම ඒ අදහස නෑ. අපි ඒ අදහස පිළිගන්නේ නෑ.”

ප්‍රශ්නය – ජාතික ජන බලවේගය 13 වැනි සංශෝධනය එක හෙළාම පිළිගන්නවා ද? එහෙම නැතිනම් ප්‍රතික්ෂේප කරනවා ද?

“එක හෙළාම පිළිගන්නේ නෑ. “

ප්‍රශ්නය – කෙච්චර දුරට ද පිළිගන්නේ?

“කොච්චර දුරටවත් පිළිගන්නේ නෑ.”

ප්‍රශ්නය – හෙට උදේට අපි කිව්වට කමක් නැද්ද ජාතික ජන බලවේගය 13ට විරුද්ධයි කියලා. 

“මට හිතෙන්නේ එහෙම කියයිද දන්නේ නෑ”

ප්‍රශ්නය – නෑ කිව්වට කමන් නැද්ද?

“මට හිතෙන්නේ එහෙම කියයිද දන්නේ නෑ”

ප්‍රශ්නය – නෑ, මම හෙට ප්‍රවෘත්තිවලට දානවා හඳුන්නෙත්ති මහතා කිව්වා කියලා?

“මම ආය කිව්වනේ පළාත් සභා හඳුන්වා දෙනකොටම 13යි පළාත් සභාවෙයි වෙනස තමයි පොලිස් බලතල සහ ඉඩම් බලතල. ඉතින් පොලිස් බලතල සහ ඉඩම් බලතල දැන් කොහෙද තියෙන්නේ. ව්‍යවස්ථාවේ තියෙනවා. හැබැයි ලංකාවේ ක්‍රියාත්මක කරන්න බෑ.” 

ප්‍රශ්නය – ක්‍රියාත්මක වුණේ නෑ.

“ක්‍රියාත්මක වුණේ නැත්තේ මොකද දන්නවාද ? ජනතව කැමති නෑ. ඔයා හෙට කියන්න ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මම කිව්වා කියලා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අපි එකඟ නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම 18 වෙනිදා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කරයි

අධිකරණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත්වරයා කර ඇති නිගමනය අභියෝගයට ලක් කරමින් පා. ම දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා...

22ට එරෙහිව සජබ 24 කොළඹට – විපක්ෂ නායක සජිත්

22ට එරෙහිව සජබ 24 කොළඹට - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන්න සැප්තැම්බර්...

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img