Sunday, September 13, 2026
HomeNEWSඝාතන 13කට සැක පුද්ගලයා පොලීසිය රවටා පැනයයි - ගුවන්තොටුපොළේ සිදුකළ රංගනය

ඝාතන 13කට සැක පුද්ගලයා පොලීසිය රවටා පැනයයි – ගුවන්තොටුපොළේ සිදුකළ රංගනය

අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙක් පළායාමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ සැරයන්වරයා මාර්තු තුන්වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

පොලිසිය පැවසුවේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ස්ථානාධිපතිවරයා ඇතුළු සෙසු පොලිස් නිලධාරීන් තිදෙනා ඇප මත මුදාහැරුණු බවය.

මනුෂ්‍ය ඝාතන කිහිපයකට සම්බන්ධ සැකකරුවෙක් ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදාගනිමින් ඩුබායි බලා යාමට පසුගිය සිකුරාදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු ගුවන්තොටුපොළ වෙත පැමිණි ආකාරය CCTV කැමරාවල සටහන්ව තිබුණි.

එම අවස්ථාවේ ආගමන විගමන නිලධාරීන් ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ පුද්ගලයාව ගුවන්තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපොළ පොලිස් ස්ථානයේ රඳවා සිටියදී සැකකරු පොලිස් ස්ථානයෙන් පළාගොස් තිබුණි.

ඒ පිළිබඳ සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ භික්ෂූන් වහන්සේ තුන්නමක් සැකකරු බැලීමට එහි පැමිණ ඇති බවය.

ඒ අනුව පොලිසිය සැකකරුගේ මාංචු ඉවත්කර ස්ථානාධිපතිවරයාගේ කාමරය වෙත රැගෙනවිත් භික්ෂූන් වහන්සේ සමඟ කතා කිරීමට අවස්ථාව සලසාදීමෙන් පසු ඔහුට ආහාර ගෙන දෙන බව පවසමින් භික්ෂූන් තිදෙනා එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

යළි ආහාර රැගෙනවිත් සිටින බව දැනුම් දුන් බැවින් පොලිස් සැරයන්වරයා පොලිස් ස්ථානයේ ගේට්ටුව අසලට ගිය අවස්ථාවේ සැකකරු එහි ආරක්ෂාවට සිටි නිලධාරියා තල්ලු කර දමා ලාම්පු නිවා තිබූ වාහනයක නැඟී පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය.  

කෙසේ වුවත් ආහාර රැගෙන පැමිණි කිසිවකු පොලිස් ස්ථානයේ ගේට්ටුව අසල රැඳීසිට නොමැත.

භික්ෂූන් වහන්සේ ලෙස පැමිණ ඇත්තේ වෙස්වලාගත් පුද්ගලයින් තිදෙනෙකු බවට පොලීසිය සැක පළ කරයි.

නමුත් වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ වෙනත් කරුණු කිහිපයකි.

ඊට අනුව භික්ෂූන් වහන්සේ නමක් ලෙස පෙනී සිටිමින් කිසියම් අයෙකු ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණ විස්කි බෝතලයක් ලබාදීමට යැයි පවසමින් කාර්යභාර පොලිස් සැරයන්වරයාව පිටත මෝටර් රථයක් අසලට කැඳවාගෙන ගොස් තිබේ.

එම අවස්ථාවේ සැකකරු සිට ඇත්තේ සිර මැදිරියක නොව පුටුවක අසුන්ගෙන බවත්, එවෙලේ සැරයන්වරයා පිටුපසින් මෝටර් රථය දෙසට ගමන් කළ සැකකරු වහා එහි නැග පළාගිය බවත් අනාවරණ වෙයි.

ඒ අනුව සිද්ධියට අදාළව ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයා, එම අවස්ථාවේ එහි කාර්යභාර නිලධාරි ලෙස කටයුතු කළ පොලිස් සැරයන්වරයා සහ තවත් පොලිස් කොස්තාපල්වරු දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකාර නිලධාරින් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (25) ඉදිරිපත් කෙරුණි.

එහිදී අධිකරණය නියෝග කළේ සිද්ධිය වන අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ කාර්යභාර නිලධාරි වශයෙන් කටයුතු කළ පොලිස් සැරයන්වරයා එළඹෙන මාර්තු 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටය.

ගුවන්තොටුපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු සෙසු නිලධාරීන් තිදෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරුණි.

ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදාගනිමින් විදෙස් ගතවීමට පැමිණ අත්අඩංගුවට පත්ව එලෙස පළාගොස් තිබුණේ පසුගිය වසරේ දෙසැම්බර් 18 වනදා හංවැල්ල ආපනශාලාවකට පැමිණ එහි හිමිකරු ඝාතනය කිරීම ඇතුළු ඝාතන 13කට සම්බන්ධ බව පැවසෙන සැකකරුවෙකි.

පළාගිය සැකකරු සොයා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණයෙන් සහ මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img