Friday, November 6, 2026
HomeNEWSවැඩ වර්ජන, පිකටින් රට අවදානම් කරයි - වජිර

වැඩ වර්ජන, පිකටින් රට අවදානම් කරයි – වජිර

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන මොහොතක වැඩ වර්ජන සහ පිකටින් රට වඩාත් අවදානමට ලක් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි

සමුළුව සිරිකොත එජාප මූලස්ථානයේදී. “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධ වීමට ප්‍රමාද වීම නිසා රට බරපතළ ප්‍රශ්නයකට මුහුණ දුන්නා. මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒමට නම් දැන්වත් ආර්ථිකය පිළිබඳ ජාතික සම්මුතියක් සඳහා සියලු දේශපාලන පක්ෂ හා සංවිධාන කටයුතු කළ යුතුයි. ජනතාව තත්ත්වය තේරුම් ගැනීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාව තවත් අමාරුවේ යා හැකියි” ඔහු පැවසීය.

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වී ඇත්තේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ මොහොතේ ප්‍රමුඛත්වය දිය යුතු බවත්, එයින් අදහස් කරන්නේ ජනතාවට ජීවත්වීමට සහ කඩා වැටුණු ව්‍යවසායන් යළි ගොඩනඟා ගැනීමට උපකාර කිරීම බවත්ය. කවුරුහරි මේ වැඩසටහන කඩාකප්පල් කරන්න හදනවා නම් ඒ පුද්ගලයා ද්වේශසහගත චේතනාවෙන් තමයි කටයුතු කරන්නේ,” ඔහු වැඩිදුරටත් පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන ණය පහසුකම් සඳහා සුවිශේෂී ක්‍රමවේදයක් අනුගමනය කරමින් පහසුකම් සැලසීමට යන බව ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ – විපක්ෂ නායක සජිත්

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය ජනතාව එක්ක ඇති කර ගත් සමාජ ගිවිසුම ගැන කතා...

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහි සක්‍රීය කොටස්කරුවන් වන්න-ජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහිසක්‍රීය කොටස්කරුවන් වන්නජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි අද රට හමුවේ පැහැදිලිව කණ්ඩායම් දෙකක් සිටිනවා. ඒ මත්ද්‍රව්‍ය හා සන්නද්ධ අපරාධ...

අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින්, එහි ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට

ජෝදානයේ අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින්, එහි ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට. තානාපති කාර්යාලයේ සියලු කාර්ය...

බදු බර වැඩි කළ සංශෝධන 12ක් රජය ක්‍රියාත්මක කර තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (05) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ෆ්‍රී ලෝයර්ස් සංවිධානය වෙනුවෙන් අදහස් දැක්වූ හිටපු ආණ්ඩුකාර රජිත කීර්තී තෙන්නකෝන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img