Tuesday, September 15, 2026
HomeNEWSරජයේ සේවකයින්ගේ විශ්‍රාම වැටුප ගැන අලුත් තීරණයක්

රජයේ සේවකයින්ගේ විශ්‍රාම වැටුප ගැන අලුත් තීරණයක්

ජාතික දායකත්ව විශ්‍රාම අරමුදල ස්ථාපිත කිරීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාව සඳහා අනුමැතිය හිමිව තිබේ.

මෙම යෝජිත ජාතික දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ඉදිරියේදී බඳවාගනු ලබන රාජ්‍ය සේවකයින් සඳහා අදාළ වනු ඇති.

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින්ට ඔවුන්ගේ විශ්‍රාම දිවිය සඳහන් යම් ප්‍රතිලාභයක් සමඟ විශ්‍රාම වැටුපක් ලාබදීම මෙහි අරමුණ වී ඇත.

එමගින් විශ්‍රාමිකයා රටට බරක් නොවී ඔහුගේ විශ්‍රාම දිවිය ගත කිරීමට සුදුසු පරිසරයක් සහතික කිරීමට හැකිවන පරිදි මෙම ජාතික දායකත්ව විශ්‍රාම අරමුදල ස්ථාපිත කිරීමට නියමිතය.

ඒ අනුව රාජ්‍ය සේවකයෙකු සේවයට බැඳීමෙන් අනතුරුව ඔහුගේ මූලික වැටුපෙන් සියයට 8ක් සහ සේවායෝජකයාගේ දායකත්වය වශයෙන් සියයට 12ක් මාසිකව යෝජිත අරමුදලට බැරකළ යුතු වෙයි.

යෝජිත දායකත්ව විශ්‍රාම අරමුදල කළමනාකරණය කිරීම පිණිස කළමනාකරණ මණ්ඩලය මගින් පාලනය වන ස්වාධීන ආයතනයක් පිහිටුවීමට නියමිතය.

එසේම අරමුදල් කළමනාකරණය සඳහා විශේෂ සුදුසුකම් සහිත අරමුදල් කළමනාකරුවෙකු පත්කරනු ලැබේ.

මේ අතර 2016 ජනවාරි මාසයෙන් පසුව රාජ්‍ය සේවයට බඳවාගන්නා ලද සේවකයින් රජය විසින් තීරණය කරනු ලබන විශ්‍රාම වැටුප් ක්‍රමයකට යටත් විය යුතු බවට වන විධිවිධාන ඔවුන්ගේ පත්වීම් ලිපිවල ඇතුළත් වන බැවින්, තම අභිමතය පරිදි යෝජිත ජාතික දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයට සම්බන්ධවීමට ඔවුන්ටද හැකිවනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම 18 වෙනිදා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කරයි

අධිකරණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත්වරයා කර ඇති නිගමනය අභියෝගයට ලක් කරමින් පා. ම දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා...

22ට එරෙහිව සජබ 24 කොළඹට – විපක්ෂ නායක සජිත්

22ට එරෙහිව සජබ 24 කොළඹට - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන්න සැප්තැම්බර්...

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img