Monday, September 14, 2026
HomeNEWSකුඩු අංජුගේ මුදල් එකතු කළ යුවළ අත්අඩංගුවට

කුඩු අංජුගේ මුදල් එකතු කළ යුවළ අත්අඩංගුවට

ඩුබායිහි සැඟව සිටින රත්මලාන කුඩු අංජු නැමැත්තාගේ මෙරට මුදල් කටයුතු පරිපාලනය සිදුකළ අඹු-සැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබූ රුපියල් ලක්ෂ 14ක මුදල් තොගයක් ද සොයාගෙන ඇත.

අතුරුගිරිය ඔරුවල සුඛෝපභෝගී දෙමහල් නිවසකදී සැකකාර යුවළ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු කුඩු අංජු නමැත්තාගේ  ඥාති සහෝදරයකු බවත් පොලීසිය සඳහන් කරයි.

සැකකරු ත්‍රීරෝද රථයකින් ගොස් මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවන්ගෙන් මුදල් එකතු කිරීම සිදුකර ඇති අතර පසුව කුඩු අංජු විසින් සුඛෝපභෝගී මොටර් රථයක් ඒ සඳහා ලබාදී ඇතැයි ද හෙළිවී තිබේ.

මත්ද්‍රව්‍යවලින් උපයා ගත් මුදල් ගණන් කිරීම සඳහා  සැකකරුගේ බිරිඳ හවුල්වී තිබේ.

සැකකාර අඹු-සැමි යුවළ අතුරුගිරිය ප්‍රදේශයේ දී 2021 වසරේ ජූනි මස 03 වනදා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමඟ අතුරුගිරිය පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.

රත්මලාන ප්‍රදේශයේ වෙඩිතැබීමකට අදාළව 2020 අතරේදී ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග සැකකරු අත්අඩංගුවට පත්වී තිබූ බවද අනාවරණය වී ඇත.

සැකකාර යුවළ වයස අවුරුදු 26 හා 32 අතර වයස්වල පසුවන්නන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img