Monday, September 14, 2026
HomeNEWSසුමන හිමි නිදොස්කොට නිදහස්

සුමන හිමි නිදොස්කොට නිදහස්

අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අධිචෝදනා තුනක් යටතේ ගොනුකර තිබූ නඩුවකින් පූජ්‍ය දිවිතුරේ සුමන හිමි නිදොස්කොට නිදහස් කර තිබේ.

අදාළ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැඳිගේ මහතා මෙම නියෝගය ලබාදී ඇත.

2009 වර්ෂයේදී 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි බාලවයස්කාර පිරිමි දරුවෙකුට අපයෝජනයක් සිදුකළ බවට එම හිමිට චෝදනා එල්ලවිය.

සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ අදාළ බාලවයස්කාර පිරිමි දරුවා විසින් සිය සැර පරුෂ මවගෙන් බේරීම සඳහා පැවසූ ව්‍යාජ තොරතුරක් මෙලෙස දුරදිග ගොස් ඇති බවය.

අදාළ සිදුවීම වූ බවට සඳහන් වන දිනයේ එම දරුවා උපකාරක පන්තියකට සහභාගී වන බවට පවසා නිවසින් පිටව ගොස් ඇත.

කෙසේ වෙතත් එදින එම දරුවා උපකාරක පන්තියට සහභාගී නොවී ඇති අතර මිතුරන් සමඟ වැල්ලවත්ත මුහුදු වෙරළට ගොස් ඇති බව පසුව සඳහන් කර තිබේ.

එසේ ගොස් නැවත පැමිණෙමින් සිටියදී සිය මව මුණගැසුණු බවත් ඇය සැර පරුෂ බැවින් මෙලෙස තමන් පන්සල වෙත ගිය බව පැවසූ බවත් සඳහන් කර ඇත.

අදාළ චෝදනා අනුව සිදුකළ පොලිස් විමර්ශනවලදීදී එවැනි අපයෝජනයක් සිදුවූ බවට කිසිදු සාක්ෂියක් හෙළිදරව් නොවීමත් චෝදනා එල්ලවූ මුල් අවස්ථාවේ සිටම එම හිමි නම විසින් සියලු චෝදනා ප්‍රතික්ෂේප කිරීමත් දරුවා විසින් එදින එවැනි සිදුවීමක් නොවූ බවට පැවසීමත් යන කරුණු සලකා බලා අධිකරණය මෙලෙස එම හිමි නම නිදොස්කොට නිදහස් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img