Friday, September 11, 2026
HomeNEWSතුන් හැවිරිදි සිඟිත්තියට මරු කැඳවු අනතුර

තුන් හැවිරිදි සිඟිත්තියට මරු කැඳවු අනතුර

උඩුදුම්බර – මඩුගල්ල මාර්ගයේ කලල්ගමුව ප්‍රදේශයේදී රිය අනතුරකින් 03 හැවිරිදි කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව ති‌බේ.

ඊයේ (07) දහවල් කාලයේදී කලල්ගමුව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් මාර්ගයේ පෙරළීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ ගමන්කළ කුඩා දැරිය උඩදුම්බර රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

එසේ මියගොස් ඇත්තේ, මීමුරේ ප්‍රදේශයේ පදිංචි දැරියකි.

සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර කෝපායි පොලිස් වසමේ ඉරුපාලෙසි උප්පුමඩම් මාර්ගයේ උප්පුමඩම් ප්‍රදේශයේදී සිදුවූ යතුරපැදි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

උප්පුමඩම් මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයෙකු ඉරුපාලෙයි දෙස සිට උප්පුමඩම් දෙසට ධාවනය වූ යතුරුපැදියක ගැටී එම අනතුර සිදුව තිබුණි.

අදාළ අනතුරින් මියගොස් ඇත්තේ, 88 හැවිරිදි කොණ්ඩාවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img