Thursday, November 5, 2026
HomeNEWSරත්‍රං මිල තවත් අඩු වෙයි - ව්‍යාපාරිකයින්

රත්‍රං මිල තවත් අඩු වෙයි – ව්‍යාපාරිකයින්

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම හේතු කරගනිමින් මෙරට රත්‍රං මිල ගණන් සීඝ්‍රයෙන් පහළ බැස තිබේ.

රත්‍රං මිල තවදුරටත් පහළ බසිමින් අද (09) දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 145,000ක් ලෙස සටහන්වූ අතර එය පැවති මිලට සාපේක්ෂව රුපියල් 40,000ක පමණ අඩුවීමකි.

එසේම කැරට් 22 රන් පවුමක් රුපියල් 125,000ක් – 135,000ත් අතර මිලක් දක්වා පහත බැස තිබුණි.

රත්‍රං මිල පහළ බැසීම සම්බන්ධයෙන් හෙට්ටිවීදියේ රන් අලෙවිකරුවන් පවසන්නේ,

“රන් මිල පහළ ගියත් බිස්නස් අඩුයි. තවත් ඉදිරියට අඩුවීමක් සිදුවෙයි. මිනිස්සු බලාගෙන ඉන්නේ තවත් අඩුවෙයි කියලා. එතකොට බිස්නස් තියෙයි.”

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා සඳහන් කළේ,

“මේක ඩොලරයේ පහළ යෑමත් රත්‍රං වෙළෙඳපොළට පැමිණීමත් නිසා සිදුවූ දෙයක්. රත්‍රං වැඩි වශයෙන් භාවිතයට ගන්න ඩුබායි, කටාර්, සිංගප්පූරුව, ඉන්දියාව, කොරියාව වැනි රටවල රත්‍රං මිල සමග මෙරට රත්‍රං මිල අපි සංසන්දනය කරලා බැලුවා. ඒ අනුව ලෝක රන් මිලට සමගාමී මට්ටමකට මෙරට රන් මිල පැමිණිලා තිබෙනවා.” 

මේ අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද තවදුරටත් ශක්තිමත් වී තිබුණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල අද දිනයේ රුපියල් 307ක් දක්වා තවදුරටත් පහළ බැස ඇති අතර එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 325.52ක් ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ – විපක්ෂ නායක සජිත්

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය ජනතාව එක්ක ඇති කර ගත් සමාජ ගිවිසුම ගැන කතා...

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහි සක්‍රීය කොටස්කරුවන් වන්න-ජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහිසක්‍රීය කොටස්කරුවන් වන්නජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි අද රට හමුවේ පැහැදිලිව කණ්ඩායම් දෙකක් සිටිනවා. ඒ මත්ද්‍රව්‍ය හා සන්නද්ධ අපරාධ...

අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින්, එහි ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට

ජෝදානයේ අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින්, එහි ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට. තානාපති කාර්යාලයේ සියලු කාර්ය...

බදු බර වැඩි කළ සංශෝධන 12ක් රජය ක්‍රියාත්මක කර තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (05) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ෆ්‍රී ලෝයර්ස් සංවිධානය වෙනුවෙන් අදහස් දැක්වූ හිටපු ආණ්ඩුකාර රජිත කීර්තී තෙන්නකෝන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img