Saturday, September 12, 2026
HomeNEWSබිහිසුණු සැලසුමක් එළියට

බිහිසුණු සැලසුමක් එළියට

ගුවන්තොටුපොළ පොලිසියෙන් පළාගොස් සිටියදී අත්අඩංගුවට ගැණුන රවිඳු සංඛ ද සිල්වා හෙවත් බූරු මූණා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව තිබේ.

අත්අඩංගුවට ගැනීමට පෙර සැකකරු නවාතැන් ගෙන සිටි බව කියන අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමට විමර්ශන නිලධාරින් ඊයේ (19) ඔහු රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

එම නිවස විශ්‍රාමික හමුදා නිලධාරියෙකුට අයත් බවට විමර්ශන නිලධාරීන් හඳුනාගෙන ඇත.

කටුනායක ගුවන් තොටුපොළෙන් පළාගිය බූරු මුණා කුරුණෑගල සිට තිරප්පනේ නිවස දක්වා ආරක්ෂිතව රැගෙන යාම සහ අධිකරණයට ඉදිරිපත් කිරීම වෙනුවෙන් නීතිඥවරයෙකුට රුපියල් මිලියනයක මුදලක් ලබාදීමට පොරොන්දු වී ඇති බවද හෙළි වී ඇති තවත් කරුණකි.

බූරු මූණාට මෙම නිවස සූදානම් කර දී ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන, ඉතාලියේ රැඳී සිටින රත්ගම විදුරගේ ඉල්ලීම මත, කොස්ගොඩ තාරකගේ ගෝලයෙකු වන ගගන නැමැත්තා බවත් හෙළි වී තිබේ.

මේ අතර බූරු මූණා හෙළිකළ තොරතුරු මත හංවැල්ලෙන් සොයාගත් පුපුරණද්‍රව්‍ය පිළිබඳව ද ඔහු තවත් කරුණක් හෙළි කළ බව පොලීසිය පවසයි.  

ඔහු පවසා ඇත්තේ හංවැල්ලේ ආපන ශාලවක් තුළදී ඝාතනය කළ මුස්ලිම් ව්‍යාපාරිකයාගේ නිවස, ආපන ශාලාව සහ එම ව්‍යාපාරිකයාගේ සහෝදරයාගේ ආපන ශාලාව පුපුරුවා හැරීමට එම පුපුරණද්‍රව්‍ය රැගෙන ආ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img