Thursday, November 5, 2026
HomeNEWSමාරක අනතුරු 7ක්

මාරක අනතුරු 7ක්

ගෙවීගිය පැය 24ක කාලය තුළ ප්‍රදේශ කිහිපය සිදුවූ රිය අනතුරුවලින් පාසල් සිසුවෙක්, කාන්තාවක් ඇතුළු 7 දෙනෙකු මියගොස් තිබේ.

ඊයේ (21) එම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

ශ්‍රීපුර පොලිස් වසමේ ජයන්තිය 07 කණුව මාර්ගයේ සමෘද්ධි මාවතට හැරෙන හන්දිය ආසන්නයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් 33 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ජයන්තිවැව දෙස සිට 07 කණුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් මාර ගසක ගැටීමෙන් එම අනතුර සිදුව තිබේ.

මේ අතර ආණමඩුව – ගල්ගමුව මාර්ගයේ සිවඹලෑව, මහ නාන්නේරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 18 හැවිරිදි පාසල් සිදුවෙක් මියගොස් ඇත.

ආණමඩුව දෙස සිට ගල්ලගමුව දෙසට ධාවනටය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටී එම අනතුර සිදුව ති‌බේ.

මේ අතර පේදුරුතුඩුව – මරදන්කේනි මාර්ගයේ කුඩත්තනේ හන්දියේදී සිදුවූ රිය අනතුරකින් තාලෙයඩි ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක් මිය ගොස් ඇත.

මරදන්කේනි දෙස සිට පේදුරුතුඩුව දෙසට ධාවනය වූ ලොරි රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී එම අනතුර සිදුව තිබුණි.

අනතුරින් යතුරපැදියේ පැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇත.

පස්සර – මොනරාගල මාර්ගයේ තෙලබෝවත්ත ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 19 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පස්සර දෙස සිට මොරනරාගල දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයේ අපරික්ෂාකාරිව නතර කර තිබූ මෝටර් රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමණි යතරුපැදියක ගැටීමෙන් එම අනතුර සිදුව තිබුණි.

මේ අතර නාත්තන්ඩිය – උඩුබද්දාව මාර්ගයේ රත්මල්වත්ත ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 30 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.

මේ අතර කුරණෑගල – අඹේපුස්ස මාර්ගයේ කිලෝමීටර් 07 කණුව ආසන්න ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබේ.

දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනවූ යතුරුපැදියක් පැදිකරුට පානය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් එම අනතුර සිදුව ඇත.

මේ අතර අරලගංවිල පොලිස් වසමේ පිඹුරත්තෑව ඩී 2 ඇළ මාර්ගයේ කුඹුරු යාය දෙසට ධාවනය වූ ටේලරය සහිත ට්‍රැක්ටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව ඇළට පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත.

අනතුරින් ට්‍රැක්ටර් රථයට යටවීමෙන් බරපතළ තුවාල ලැබූ රියදුර අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් ඇත.

එසේ මියගොස් ඇත්තේ, 30 හැවිරිදි පිඹුත්තෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අත්‍යවශ්‍ය ගනුදෙනු 08ක් සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම 2027 අප්‍රේල් 1 දක්වා කල් දැමේ

අත්‍යවශ්‍ය ගනුදෙනු 08ක් සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම 2027 අප්‍රේල් 1 දක්වා කල් දැමේ: දේශීය ආදායම් දෙපාර්තමේන්තුව.

අග්‍රාමාත්‍යතුමිය කෙන්යාවේ නියෝජ්‍ය ජනාධිපතිවරයා හමුවෙයි

අග්‍රාමාත්‍යතුමිය කෙන්යාවේ නියෝජ්‍ය ජනාධිපතිවරයා හමුවෙයි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩා හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක...

උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතා නියෝජිතයින් විපක්ෂ නායක සජිත් සමඟ කතා කළේ මොනවාද?

උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී උතුරු, නැගෙනහිර සහ වතුකරයේ වැඩ කරන ජනතාව...

2026 අවසන් කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොවේ

ජලාශවල පවතින ජල මට්ටම් හා වර්ෂාපතනය සැළකිල්ලට ගනිමින් මේ වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලසීමාව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බව ජාතික පද්ධති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img