Friday, September 11, 2026
HomeNEWSව්‍යාපාරිකයෙකු ට පහරදී මුදල් කොල්ලකයි

ව්‍යාපාරිකයෙකු ට පහරදී මුදල් කොල්ලකයි

කළුතර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ සමීප ඥාතියෙකු ඇතුළු පිරිසක් විසින් තමන්ට පහරදී මුදල් සහ ගෙල බැඳි රන් මාලය පැහැරගත් බව පවසමින් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කළුතර දකුණ පොලීසියට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

කෙසේවෙතත් එම ව්‍යාපාරිකයා පවසන්නේ මෙතෙක් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට පොලීසිය අසමත්වී ඇති බවය.

කළුතර දකුණ ප්‍රදේශයේදී පසුගිය 10 වනදා මෙම පහරදීම සිදුවී තිබුණි.

එහිදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි එම ව්‍යාපාරිකයාට හා ඔහුගේ සහෝදරයාට 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ පහරදීමක් සිදුකර ඇති බව ඔවුන් පැවසීය.

එම අවස්ථාවේදී පහරකෑමට ලක්වූ ව්‍යාපාරිකයා ගමන්ගත් මෝටර් රථයේ තිබූ රුපියල් ලක්ෂ 12ක පමණ මුදලක්ද එම කණ්ඩායම විසින් පැහැරගෙන ගොස් ඇති බවට ව්‍යාපාරිකයා චෝදනා කරයි.

අනතුරුව ප්‍රභූ පුද්ගලයන් වෙත ලබාදෙන, දුරකථන අංකය සඳහන් නොවන ‘නෝ කෝලර් අයි.ඩී’ ලෙස සඳහන් දුරකථන අංකයකින් අදාළ ව්‍යාපාරිකයාට පුද්ගලයෙකු විසින් තර්ජනය කර ඇත්තේ පොලීසියට ඒ පිළිබඳව පැමිණිලි නොකරන ලෙස දන්වමිනි.

පහරකෑමට ලක්වූ ව්‍යාපාරිකයා සඳහන් කළේ,

“මම, මගේ මල්ලි සමග  මගේ පුතාව පාසලෙන් රැගෙන එන්න ගියා. ඒගොල්ලෝ ගාල්ලේ චාරිකාවක් ගිහින් තිබුණේ. මම ගෙදරින් පිටත්වෙලා මීටර් 200ක් විතර යනකොට මෝටර් රථ 3ක් ඇවිත් මගේ වාහනය හරස් කරලා නතර කළා. පුද්ගලයින් 12ක් විතර වටවුණා.”

“දොර අරින්න කියලා පොලුවලින් මගේ කාර් එකට ගැහුවා. එක්කෙනෙක් ඇවිත් පිස්තෝලයක් පෙන්නලා කිව්වා දොර අරින්න කියලා. මම අන්ලොක් කළා. මල්ලිගෙ පැත්තෙන් දොර ඇරලා මල්ලිට යකඩ පොලුවලින් ගැහුවා. පස්සේ මටත් ගැහුවා. ඒ වෙලාවේ මගේ කරේ තිබුණු රන් මාලයත් කඩා ගත්තා. ඒ වෙලාවේ මගේ කාර් එකේ රුපියල් ලක්ෂ 15ක මුදලක් තිබුණා. ඒකෙන් ලක්ෂ 12ක් විතර ඇදලා ගත්තා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img