Friday, September 11, 2026
HomeNEWSත්‍රිරෝද රථ රියදුරුගේ නුවණ නිසා ජීවිත 3ක් බේරෙයි

ත්‍රිරෝද රථ රියදුරුගේ නුවණ නිසා ජීවිත 3ක් බේරෙයි

වාද්දුව තල්පිටිය ප්‍රදේශයේදී අද (27) උදෑසන ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී තිබේ.

බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වන ‘ගාලු කුමාරි’ සීඝ්‍රගාමී දුම්රියේ එම ත්‍රිරෝද රථය ගැටී ඇති අතර ඉන් කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව අප වාර්තාකරු පැවසීය.

එසේ තුවාල ලබා ඇත්තේ තල්පිටිය සමෘද්ධි බැංකුවෙන් සිය ප්‍රතිලාභ ලබාගැනීමට පැමිණි දෙදෙනෙකි.

එම දුම්රිය හරස් මාර්ගයට කිසිදු ආරක්ෂක ක්‍රමයක් නොමැති බවත් එම ත්‍රිරෝද රථය දුම්රිය හරස් මාර්ගය මත එකවරම නැවතී ඇති අතර එහි රියදුරා කාන්තාවන් දෙදෙනාව ඉවතට ගෙන ඇත. 

ඔවුන්ගේ ජීවිත බේරී තිබුණේ ඒ හේතුවෙන් බව වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img