Thursday, September 10, 2026
HomeNEWSහරක් කටා හා කුඩු සළිඳු ගැන තවත් තොරතුරු රැසක් එළියට

හරක් කටා හා කුඩු සළිඳු ගැන තවත් තොරතුරු රැසක් එළියට

හරක් කටා හා කුඩු සළිඳු පිළිබඳව තවත් තොරතුරු රැසක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබේ.

නඳුන් චින්තක නොහොත් හරක් කටා හා සළිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු පසුගිය මාර්තු පළමුවනදා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව සැකකරුවන් දෙදෙනාව මෙරටට රැගෙනවිත් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සඳහා දින 90ක රැඳවුම් නියෝග ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය කටයුතු කළේය.

එවන් පසුබිමක සළිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් විමර්ශන නිලධාරීන් විසින් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අධිකරණය හමුවේ අනාවරණ වුණේ හරක් කටා හා කුඩු සළිඳු ඩුබායීහී සිට මැඩගස්කරය බලා ගමන් කළ ජෙට් යානය ඔවුන්ට සපයා ඇත්තේ, LTTE ත්‍රස්ත ජාලය සමග සෘජුවම සබඳතා පවත්වන ලද ඉන්දික බණ්ඩාර නොහොත් හර්බි යන පුද්ගලයෙකු විසින් බවය.

එම පුද්ගලයා LTTE ත්‍රස්ත ජාලය තුළ ක්‍රියාත්මක වෙමින් ප්‍රභූවරුන් ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය සමග ත්‍රස්ත මර්ධන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් අයෙක් වන අතර ඒ පිළිබඳව අධිකරණය හමුවේ වරදකරුවකුද වූවෙකි.

හරක් කටා සමග කුඩු සළිඳු මැඩගස්කරයට පැමිණ ඇත්තේ, ඔහුගේ විදෙස් ජාතික බිරිඳට දාව උපන් දරුවාගේ ආගමික වතාවත් සඳහා බවද අධිකරණය හමුවේ අනාවරණ වී තිබේ.

එමෙන්ම හරක් කටා අවස්ථා දෙකකදී මෙරටට හෙරොයින් කිලෝ ග්‍රෑම් 645ක්, නීති විරෝධී ගිනි අවි 3ක්, AK-47 වර්ගයේ ගිනි අවි 05ක් හා එම උණ්ඩ 1000ක් මෙරටට එවීමේදී අත්අඩංගුව ගත් බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට වාර්තා කළේය.

මේ සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ ජාත්‍යන්තර පොලිසිය මගින් ඉන්දියානු රජයෙන් කරන ලද විමසීමකදී අනාවරණ වී ඇත්තේ අදාළ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන සැකකරුවන් LTTE  සංවිධානය සමග සම්බන්ධතා පවත්වා ඇති බවය.

ඒ අනුව සැකකාර කුඩු සළිඳු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන, පාර්ශ්ව කිහිපයක් විසින් සිදුකරන බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට වැඩිදුර වාර්තාව මගින් දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img