Friday, September 11, 2026
HomeNEWSඅමෙරිකානු ඩොලරයේ අගය නැතිවෙනවා - ට්‍රම්ප්

අමෙරිකානු ඩොලරයේ අගය නැතිවෙනවා – ට්‍රම්ප්

අමෙරිකානු ඩොලරය ඉදිරියේදී ලෝක සම්මත මුදල් ඒකකයක් නොවනු ඇති බව අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

බ්‍රික්ස් රටවල් පොදු මුදල් ඒකකයක් ගැන යෝජනා කරන වාතාවරණයක අමෙරිකානු හිටපු ජනපතිවරයාගේ මෙම ප්‍රකාශය වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ මෙවැන්නක්,

“අපේ මුදල් ඒකකය පහත වැටෙමින් පවතිනවා. ලෝකයේ අපිට හිමි වෙලා තියෙන ස්ථානය අහිමි වෙමින් පවතිනවා. මේක තමයි අවුරුදු 200 කින් පමණ පසු අපි ලබන දරුණුතම පරාජය.එයින් අපේ රටට ලෝකයේ පවතින බලය අවම වනවා. එක්සත් ජනපද ඉතිහාසයේ අසාර්ථකම ජනාධිපතිවරුන් සමග සසඳා බැලුවහොත් ඔවුන් කිසිවෙක් බයිඩ්න් රජය තරම් හානියක් කරලා නැතුව ඇති. අපි දැන් කඩා වැටෙමින් පවතින රාජ්‍යයක්. අපි ප්‍රතික්ෂේප වෙමින් සිටින රාජ්‍යයක් වෙලා. ඒක වෙන්න ඉඩ දෙන්න බෑ.”

මේ අතර චීනයේ සංචාරයක් අවසන් කර සිය රටට පැමිණි මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රාහිම් මහතා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර ඇත්තේ සිය රටට ආයෝජන ගෙන්වා ගැනිමේදී ඩොලරය මත යැපීම තවදුරටත් සිදු නොවිය යුතු බවය.

“ආසියානු මූල්‍ය අරමුදලක් පිහිටුවීම සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා ලෙස මා යෝජනා කළ මූලික අදියර පිළිබඳව ආසියාවේ එතරම් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඊට හේතුව ඒ වන විට ඇමෙරිකානු ඩොලරය ඉතා ශක්තිමත් වීමයි. නමුත් දැන් චීනයේ, ජපානයේ සහ වෙනත් ආසියානු රටවල ආර්ථික ශක්තිමත් වීම හේතුවෙන් ආසියානු මූල්‍ය අරමුදලක් ගැන මම කළ ඒ යෝජනාව සාකච්ඡා කළ යුතුයි කියා සිතනවා. එමෙන්ම මැලේසියාව වැනි රටකට අයෝජන ගෙන්වා ගැනිමේදී අමෙරිකානු ඩොලරය මත තවදුරටත් යැපීමට හේතුවක් නැහැ. මැලේසියාව අනෙක් රට සමග සාකච්ඡා කර දෙරටේම මුදල් භාවිතා කළ යුතු යැයි මම සිතනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img