Sunday, November 1, 2026
HomeNEWSඅමෙරිකානු ඩොලරයේ අගය නැතිවෙනවා - ට්‍රම්ප්

අමෙරිකානු ඩොලරයේ අගය නැතිවෙනවා – ට්‍රම්ප්

අමෙරිකානු ඩොලරය ඉදිරියේදී ලෝක සම්මත මුදල් ඒකකයක් නොවනු ඇති බව අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

බ්‍රික්ස් රටවල් පොදු මුදල් ඒකකයක් ගැන යෝජනා කරන වාතාවරණයක අමෙරිකානු හිටපු ජනපතිවරයාගේ මෙම ප්‍රකාශය වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ මෙවැන්නක්,

“අපේ මුදල් ඒකකය පහත වැටෙමින් පවතිනවා. ලෝකයේ අපිට හිමි වෙලා තියෙන ස්ථානය අහිමි වෙමින් පවතිනවා. මේක තමයි අවුරුදු 200 කින් පමණ පසු අපි ලබන දරුණුතම පරාජය.එයින් අපේ රටට ලෝකයේ පවතින බලය අවම වනවා. එක්සත් ජනපද ඉතිහාසයේ අසාර්ථකම ජනාධිපතිවරුන් සමග සසඳා බැලුවහොත් ඔවුන් කිසිවෙක් බයිඩ්න් රජය තරම් හානියක් කරලා නැතුව ඇති. අපි දැන් කඩා වැටෙමින් පවතින රාජ්‍යයක්. අපි ප්‍රතික්ෂේප වෙමින් සිටින රාජ්‍යයක් වෙලා. ඒක වෙන්න ඉඩ දෙන්න බෑ.”

මේ අතර චීනයේ සංචාරයක් අවසන් කර සිය රටට පැමිණි මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රාහිම් මහතා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර ඇත්තේ සිය රටට ආයෝජන ගෙන්වා ගැනිමේදී ඩොලරය මත යැපීම තවදුරටත් සිදු නොවිය යුතු බවය.

“ආසියානු මූල්‍ය අරමුදලක් පිහිටුවීම සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා ලෙස මා යෝජනා කළ මූලික අදියර පිළිබඳව ආසියාවේ එතරම් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඊට හේතුව ඒ වන විට ඇමෙරිකානු ඩොලරය ඉතා ශක්තිමත් වීමයි. නමුත් දැන් චීනයේ, ජපානයේ සහ වෙනත් ආසියානු රටවල ආර්ථික ශක්තිමත් වීම හේතුවෙන් ආසියානු මූල්‍ය අරමුදලක් ගැන මම කළ ඒ යෝජනාව සාකච්ඡා කළ යුතුයි කියා සිතනවා. එමෙන්ම මැලේසියාව වැනි රටකට අයෝජන ගෙන්වා ගැනිමේදී අමෙරිකානු ඩොලරය මත තවදුරටත් යැපීමට හේතුවක් නැහැ. මැලේසියාව අනෙක් රට සමග සාකච්ඡා කර දෙරටේම මුදල් භාවිතා කළ යුතු යැයි මම සිතනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සුදු ඩීසල් ලීටරයක් රු:5 කින් ඉහළට. නව මිල (රු:397), සුපිරි ඩීසල් රු:15 කින් ඉහළට. නව මිල (රු:543), ඔක්ටේන් 95 රු:15 කින්...

දුම්බර බන්ධනාගාරයෙන් පලා යෑමට තැත්කළ රැඳවියෙකු වෙඩි තැබීමකින් මරුට

දුම්බර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු පලායෑමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් ජීවිතක්ෂයට: බන්ධනාගාර දෙපාර්තමේන්තුව .

විශ්වාසය ගොඩනැගීමේ මාධ්‍යයේ කාර්යභාරය විදේශ ඇමති විජිත අවධාරණය කරයි

සත්‍යය තහවුරු කිරීම, මහජන විශ්වාසය ගොඩනැගීම සහ සාමය ප්‍රවර්ධනය කිරීමේදී මාධ්‍යයේ කාර්යභාරය අමාත්‍යවරයා අවධාරණය කරයි සාවද්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම, මහජන විශ්වාසය තහවුරු කිරීම සහ ප්‍රජාවන්...

රජය, රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් – විපක්ෂ නායක සජිත්

රජය නීත්‍යානුකූලව රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස සියලු දෙනාටම මූලික හා මානව අයිතිවාසිකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img