Saturday, October 24, 2026
HomeNEWSLatest Newsමේ ආණ්ඩුව ප්‍රෝඩාව රජකරවන ආණ්ඩුවක්.

මේ ආණ්ඩුව ප්‍රෝඩාව රජකරවන ආණ්ඩුවක්.

මේ ආණ්ඩුව ප්‍රෝඩාව රජකරවන ආණ්ඩුවක්.

මැතිවරණයට කලින් මහා බිල්ලෙක්  මවපු එම්.සී.සී ගිවිසුම  දැන්  හොද වෙලා. ජනාධිපතිවරණය වෙලාවේ කීවෙ මේ ගිවිසුම කෑලි වලට ඉරලා විසි කරනවා කියලයි. නමුත් අද ගිවිසුම ගැන කරුණාවක් පහලවෙලා යැයි සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ(29)පැවසීය.උතුරු කොළඹ ප්‍රදේශයේ පැවැති ජන හමු අමතමින් ඒ මහතා මෙසේද කීය.

  “අපිට මතකයි ඒ දවස් වල හැට නව ලක්ෂයක්  ඡන්දෙ දුන්නෙ ඒ ගිවිසුමට විරුද්ධව. මැතිවරණය දවස්වල කීවා  m.c.c.  ආවොත් කොරිඩෝවක් හැදෙනවා කියලා. එහෙම කියලා ඡන්දය අරගෙන ජනාධිපතිවරණයෙන් දිනුවා. දැන් මාස හතක් වෙනවා යක්ෂයා  වෙච්චි m.c.c. ගිවිසුම නැවත සලකා බලන්නත් කමිටු හදලා. මොකක්ද මේ විහිළුව. ජනතාවගේ බුද්ධිය එක්ක කරන සෙල්ලම මොකක්ද?. ඉරලා විසි කරනවා කිව්ව ගිවිසුමක් සලකා බලන්න යන එකේ තේරුම මොකක්ද?. ඒ දවස්වල අපේ ආණ්ඩුවට කිව්වේ සුද්දෝ ළඟ දණ ගහනවා කියලා. බලාන ගිහාම මේ ආණ්ඩුව තරම් නිවට විදිහට සුද්දෝ ළඟ දණ ගහන ආණ්ඩුවක් ඉතිහාසයේ ම තිබිලා නෑ.  

 අපි වගකීමෙන් කියනවා  එම් සී සී ගිවිසුම අපේ ආණ්ඩුවක් යටතේ ජනතාව ඉදිරියට ගෙනැවිත්  ඉරලා විසිකරනවා කියලා .

දැන් බලන්න, කොරෝනා ව්‍යසනයෙන් අසරණ වෙච්ච ජනතාව බෙදපු හැටි. ලෝකයේ හැම රටක්ම තමන්ගෙ ජනතාව වෙනුවෙන් සහන ලබාදෙනවා.නමුත් අපේ රටේ ආණ්ඩුව පවුලකට ලබා දෙන වටිනාකම රුපියල් 5000යි.

අපි කියනවා ඒක දුන්නෙත් අපි කරපු සටන නිසා.

ආණ්ඩුව හැම වැඩක්ම අසමත්. සහල් මාෆියාව ගාව දන ගැහුවා. ලීසිං පහසුකම් ඉල්ලලා සටන් කරපු සුනිල්ව ඝාතනය කරනකම් බලාගෙන හිටියා. කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා හිස් ව්‍යාපෘති කෙරුවා. එක දවසෙන් මිලියන ගණනක් මුහුදට ගහගෙන ගියා. ව්‍යසනයන් මැද ක්‍රීඩාංගණ හදන්න ව්‍යාපෘති ගෙනාවා. සීනි සැමන්  අඩුවට දෙනවා කියලා බදු පිට බදු ගැහුවා. මේ ඉතින් මේක වැඩ කරන ආණ්ඩුවක් ද?.

 ඒ නිසා මේ වැඩ බැරි අසාර්ථක ආණ්ඩුව ගෙදර යවමු.අපි හදන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට සැප ගන්න බෑ.ඒ හැමෝම ජනතාව වෙනුවෙන් කැපවෙන්න ඕන. ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන්න කැප වෙන්න ඕන.ජනතාව වෙනුවෙන් දෙන සියලු පොරොන්දු ඉටු කරන්න කැපවෙන ආණ්ඩුවක් තමයි අපි නිර්මාණය කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img