අගමැති ධූරය වෙනස් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, අගමැති ධූරය වෙනස් කිරීමේ සුදානමක් ඇති බවට පැතිර යන කතාව අසත්‍ය බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙය විපක්ෂය විසින් ගොතනු ලැබු කතාවක් පමණක් බවයි.
පොහොට්ටුවේ කිසිදු බෙදීමක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරයද සාවද්‍ය බවත් පෙන්වා දුන් ඇමතිවරයා, අවශ්‍ය මොහොතේදී පොහොට්ටුව රට වෙනුවෙන් ගත යුතු තීන්දුව ගන්නා බවද අවධාරණය කළේය.
කෘතහස්ත දේශපාලඥයෙකු වු දිවංගත රෙජී රණතුංග මැතිතුමාගේ 86 වන ඡන්ම දිනය නිමිත්තෙන් එතුමන්ගේ උඩුගම්පළ පිහිටි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය.
එහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න සහ ඇමතිවරයා ලබා දුන් පිළිතුරු මෙසේය.
ප්රශ්නය – ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල කොහොමද?
පිලිතුර – රජය අද ස්ථාවර වෙලා තියෙනවා. අද ජනතාවගේ බලාපොරොත්තු ඉටු වෙලා තියෙනවා. පසුගිය කොවිඩ් වසංගතයත්, අරගලයත් නිසා ඇති වුණු ආර්ථික අර්බුදයෙන් රට ගොඩ යමින් තිබෙන වෙලාවක්. අද ජනතාවට එහි ප්රතිලාභ ලැබෙමින් පවතිනවා.
ප්රශ්නය – ප්‍රතිත්‍රස්ත පනත සහ ඉන් සිදුවන හානිය ගැන මොකක්ද හිතන්නේ?
පිලිතුර – තවම මෙම පනත ගැන සාකච්ඡා වෙනවා. යම් යම් කාරණා ගැන අවධාණය යොමු වී තිබෙනවා. මෙය පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගත්තම එය රටේ ජනතාවට අහන්න පුළුවන්. එහිදී සංශෝධන අවශ්‍ය නම් යෝජනා ඉදිරිපත් කරලා ඒ සදහා කටයුතු කරන්න පුළුවන්.
ප්රශ්නය – ඔබතුමා හිතන්නේ මෙය වෙනස් විය යුතුද ?
පිලිතුර – මෙම පනත ගැන පසුගිය කාලය තුළ යු.එන්. එකේ ඉදන් සාකච්ඡා වුණු කාරණාවක්. ඒ පිළිබදව අවධානය යොමු කරලා තමයි මේ නව සංශෝධනය ගේන්නේ. මේවා වෙනස් කරන්න බැරි දේවල් නෙමෙයි. වෙනස් කරන්න අවශ්‍යයි කියලා හිතනවා නම් එය කරන්න පුළුවන් රටේ ඉදිරිය වෙනුවෙන්.
ත්‍රස්තවාදය කියන්නේ එල්.ටී.ටී.ඊ. පමණක් නෙමෙයි. ආණ්ඩු පෙරලන්නත් පුළුවන්. ආණ්ඩු වට්ටන්නත් පුළුවන්. නමුත් රාජ්‍යයක් පෙරළලා එය වට්ටන්න යනවා නම් එය ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඒ වගේ දේවල් වලට ආණ්ඩුවක් විදිහට තදින් කටයුතු කරන්න ඕනි. අවශ්‍ය නීති රීති සම්පාදනය කරන්න ඕනි.
ප්රශ්නය – ඔබතුමා මේ පනත ගෙනල්ලා ඉල්ලීම් ඉල්ලලා පාරට බහින අයව මර්දනය කරන්නද හදන්නේ ?
පිලිතුර – පාරට බහින්න සාමකාමී අරගලකරුවන්ට අපි ඉඩ දීලා තියෙන්නේ. ගෝඨාභය හිටපු ජනාධිපතිතුමත් දුන්නා. දැනුත් අපි දීලා තියෙන්නේ. අරගලය මුවාවෙන් ත්‍රස්තවාදී ක්‍රියා කරනවා නම් රජය එයට දැඩි තීන්දු ගත යුතුයි. නැතිනම් රටේ මිනිසුන්ට ජීවත් වෙන්න බැහැ. අපි දකිනවා අරගලයට සම්බන්ධ වුණු මානසික අසහනකාරයෝ වස බොනවා. දිවි නසා ගන්නවා. කුඩාරම්වල හිටපු අයට ළමයි හම්බවෙලා පාරවල්වල දාලා යනවා. ඒ වගේ තත්ත්වයක් රටේ තිබුණේ. ඒක අද ජනතාව තේරුම් අරන් තියෙනවා.
ප්රශ්නය – අධිකරණ ඇමතිතුමාත් තවම මෙම පනත ඉදිරිපත් කරනවද නැද්ද කියලා හිත හිත නේද ඉන්නේ ?
පිලිතුර – එහෙම දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අපි මෙම පනත හොරෙන් ගේන්නේ නැහැ. රටටම පේන්නයි ගේන්නේ. අද මාධ්‍යවල මේ ගැන කතා කරන්නේත් ඒ නිසානේ.
ප්රශ්නය – එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් තිබෙන ඉදිරි ක්‍රියාමාර්ග මොනවද ?
පිලිතුර – අධිකරණ ඇමතිතුමත් ඒ ගැන කියලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් කරලා තියෙනවා. ඒකට යම් අය සම්බන්ධයි නම් ඒ අයට දඩුවම් ලැබෙන්නම ඕනි.
ප්රශ්නය – අපිට පේන්නේ නම් ඒ සම්බන්ධයෙන් මුකුත් කියන්නේ නැහැ. කාගෙවත් නමක් කියන්නේ නැහැ. ඒක මගහරිනවා වගේ නේද ?
පිලිතුර – නමක් හෙළි කරන්න බැහැනේ පරීක්ෂණ අවසන් වනතුරු. පරීක්ෂණ අවසන් වුණාම අධිකරණ ඇමතිතුමා ඒ සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් කරයි.
ප්රශ්නය – මේවන විට ආණ්ඩුව ගුරුවරුන් මර්දනය කරන්න සැරසෙනවා නේද ?
පිලිතුර – මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරන්න, එය කඩාකප්පල් කරන්න කටයුතු කිරීම වැරැද්දක් නෙමෙයිද. එහෙම කරන අයට විරුද්ධව කටයුතු කිරීම රජයේ වගකීමක්. දරුවන්ගේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වුවහොත් ඔවුන්ට විශ්ව විද්‍යාල යන්න බැරි වෙනවා. එය ඔවුන්ගේ අනාගතයට කරන අපරාධයක්. රටේ ප්රජාතන්ත්රවාදය කියන්නේ අරගලකරුවන්ට උද්ඝෝෂකයින්ට අවශ්‍ය දේ කරන්න ඉඩ දීම නෙමෙයි. රටේ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය නීති
සම්පාදනය කිරීමයි. විය යුත්තේ එයයි. අපි කරන්නෙත් එයයි.
ප්රශ්නය – ඔබතුමාලා අරගල කරන්න පාරට බහින අයට වතුර ගහලා එළවලා දමනවා. දරුවන්ගේ පිළිතුරු පත්‍ර බලලා නැහැ තවම. නමුත් මේ සදහා ඉක්මනින් විසදුමක් ගන්න බැරි ඇයි. ඔවුන්ට ගහලා හරි එළවලා හරි ?
පිලිතුර – මම සංතෝස වෙනවා මාධ්‍ය ආයතනයක් විදිහට ඔබතුමාම මෙම යෝජනාව ගෙන ආපු එක ගැන. නමුත් ඔවුන්ට ගහලා එළවන්න අවශ්‍ය නැහැ. ඒ සදහා නීත්‍යානුකූල ලෙස කටයුතු කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ.
ප්රශ්නය – ඉතින් ඒක වෙන්නේ නැහැනේ ඇමතිතුමා ?
පිලිතුර – ඒ නිසා තමයි ජනාධිපතිතුමා කිවුවේ අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළ යුතුයි කියලා. ඒක ඉදිරියට සිදු වෙයි. රටේ ජනතාවත් කියන්නේ අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කරන්න කියලා. පංතියට ගිහින් උගන්නන්නේ නැති අය පාරට ඇවිත් අරගල කරලා දේශපාලන න්‍යාය පත්රවලට අනුව කටයුතු කරනවා නම් ඊට එරෙහිව ක්‍රියා කිරීමේ වගකීම රජයට තිබෙනවා. ඒ නිසානේ ඔබතුමාලම කියන්නේ මේ අයට ගහන්නේ නැත්තේ ඇයි කියලා.
ප්රශ්නය – ඔබතුමාලා හිත්නනේ බලෙන් මේ දේ කරන්න පුළුවන් වෙයිද ?
පිලිතුර – පුළුවන් අයව මේකට දාලා කරන්න බැරි අය අයින් කරන්න ඕනි.
ප්රශ්නය – අද පක්ෂයට නව සභාපතිවරයෙක් පත් කරන්වා නේද ?
පිලිතුර – පක්ෂ ව්‍යවස්ථාව අනුව වාර්ෂිකව මහ සභාව කැදවලා පක්ෂයේ තීන්දු තීරණ ගන්නවා. ඒ අනුව අද පක්ෂයේ මීළග නිළධාරී මඩුල්ල පත් කර ගන්න කටයුතු කරනවා. අද පක්ෂ මහ සභාවෙදි තීන්දු කරන ආකාරයට එය සිදු වෙයි. පක්ෂ සභාපති ලෙස කටයුතු කරන ජී.එල්. පීරිස් මහතා පසුගිය කාලය තුළ පක්ෂයේ කටයුතු වලින් ඈත් වුණා. ඒ නිසා එම තනතුරට සුදුසු කෙනෙක් පක්ෂය විසින් පත් කරයි.
ප්රශ්නය – ඔබතුමාලා පක්ෂ ව්‍යවස්ථාව කඩ කළොත් ඊට එරෙහිව අධිකරණයට යනවා කියලා ජී.එල්. පීරිස් මහතා කියනවා ?
පිලිතුර – එය එතුමාට තිබෙන අයිතියක්. නමුත් අපි විශ්වාස කරනවා එතුමා හෘද සාක්ෂියට අනුව කටයුතු කරලා එතුමා ඉන් ඉවත් වෙයි කියලා.
ප්රශ්නය – පෙහොට්ටුවේ බෙදීමක් ඇති වෙලාද ?
පිලිතුර – පෙහොට්ටුවේ කිසිම බෙදීමක් ඇති වෙලා නැහැ. පසුගිය කාලයේ කියවුණා අගමැති ධූරයට මහින්ද රාජපක්ෂ මහත්තයා පත් කරන්න සුදානම් කියලා. නමුත් එතුමා කිවුවා අපිට අගමැති කෙනෙක් ඉන්නවා. එහෙම කරන්න අදහසක් නැහැ කියලා. ඊළගට සජිත් ප්‍රේමදාසව ඒ සදහා පත් කරනවා කියනවා. තව තව අයට ඒ සදහා යෝජනා කරලා තිබුණා. මේ හැම එකක්ම විපක්ෂය විසින් ගොතන කතා. පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන්න බහුතරය දැන් එකතු වෙලා තියෙනවා. ඔවුන්ට එය ගැටළුවක්. ඉතින් විපක්ෂයට අවශ්‍ය වන්නේ ආණ්ඩුවේ බහුතරය කඩලා ආණ්ඩුවට අභියෝග කිරීමටයි. නමුත් අපේ මන්ත්‍රීවරුන් ඊට රැවටෙන්නේ නැහැ.
ප්රශ්නය – ඉදිරියේදී අයි.එම්.එෆ්. යෝජනා සම්මත කර ගන්න ආණ්ඩුවට බහුතරය තිබෙනවාද ?
පිලිතුර – අනිවාර්යයෙන්ම අපිට බහුතරය ඉන්නවා. මෙම සාකච්ඡාව ඉල්ලුවේ අපි. විපක්ෂය ඉන් ඉවත් වෙන්න උත්සහ කරනවා. පාර්ලිමේන්තුවේදී ඒ සදහා කැමති අයට අත උස්සන්න පුළුවන්. අකමැති අයට විරුද්ධ වෙන්න පුළුවන්. එතනොට රටේ ජනතාවටත් එය තේරුම් ගන්න පුළුවන්.
ප්රශ්නය – ඔය ණය අරගෙන ගෙවා ගන්න පුළුවන්ද ?
පිලිතුර – ජෙ.වි.පි. එකට සම්බන්ධ මාලිමාවේ අයට උවමනාව තියෙන්නේ ඒක කරන්න තමයි. අරගල කරන්නේ සංචාරකයින් එන ප්‍රදේශ ඉලක්ක කරගෙන ඔවුන් එන එක නතර කරන්නයි. පසුගිය කාලය තුළ රටේ දේපළ විනාශ කළා. ඒවත් මහජන මුදල්. ඔවුන්ට ඕනි කරන්නේ අරාජික කරන්න. හැබැයි රටේ බහුතරයත් අද කැමතියි වැටුණු රට ගොඩ ගන්න ජනාධිපතිතුමාට සහයෝගය ලබා දෙන්න.
ප්රශ්නය – කැබිනට් සංශෝධනය කවද්ද සිදු වෙන්නේ ?
පිලිතුර – කැබිනට් සංශෝධනයක් සිදු විය යුතුයි. එය ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සාකච්ඡා කරලා තීන්දු කරයි.
ප්රශ්නය – කැබිනට් සංශෝධනයක් විය යුතුයි කියලා ඔබතුමා කියන්නේ හරියට වැඩක් වෙන්නේ නැද්ද ?
පිලිතුර – ඇමතිවරු සියයකට වඩා හිටපු කාලවල් තිබුණා. අද ඊට වඩා සංකීර්ණ අවස්ථාවක්. වැඩ කරන්න පුළුවන් අය ඉන්නවා. ඔවුන්ට අවස්ථාව දිය යුතුයි. ජාතික ආණ්ඩුවක් හදන්න ඕනි කියලා අපි මුල ඉදන් කිවුවා. ජාතික ආණ්ඩුව තුළ සියලු දේශපාලන පක්ෂවලට අවස්ථාව දෙන්න ඕනි. ඒ සදහා වැඩපිළිවෙලක් හැදෙන්න ඕනි කියලයි මම කියන්නේ.
ප්‍රදීප් අනුර කුමාර
(ගරු ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම්)
077 9633516






















